පුද්ගලික ඉඩම් හිමියන්ගෙන් ගං ඉවුරු ආරක්ෂාකරගැනිමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැද්ද ?

0
224

වෙන්නප්පුවේ සිට කිරිමැටියාන දක්වා  ගමන්කරන මාර්ගයේ දී හමුවන ලුණුවිල පාලමට(පැරණි සපත්තු පාලම) වම් පැත්තේ ගං ඉවුරේ  ගස් ප්‍රමාණයක් කපා දර ගොඩගසා ඇති අයුරු දක්නට ලැඛේ. මෙම ගස් කපාදමා තිබුණේ දැනට මාස එකහමාරකට ඉහතදී පමණය. ගං ඉවුරට අයත් වෘක්ෂලතා මෙලෙස කපා දැමීමට හේතුව පිළිබදව දැනගැනීමට වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් අප තොරතුරු විමසා සිටි අවස්ථාවේදී ඇය පවසා සිටියේ මේවන විට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් මෙම ගං ඉවුර ආශ්‍රිත භූමිය  සින්නක්කර කුඹුරකට හා පුද්ගලික පාරකට සම්බන්ධව තිඛෙන නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම ගං ඉවුරට අයත් ගස් කපාදැමීම සම්බන්ධයෙන් විමසා බැලීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.
ප්‍රදේශයේ ඇති  ගංගාවන් ආශ්‍රිතව ඇති පුද්ගලික ඉඩම් ගොඩකිරීමේදී හෝ වෙනත් සංවර්ධන ක්‍රියාවන් සිදුකිරීමේදී මතුවී ඇති පොදු ගැටළුවක්  වන්නේ  එම ඉඩම් වල මායිම ගං ඉවුර දක්වාම ඔප්පු වල සදහන්වී  තිබීමයි.  මේ හේතුවෙන් ගංගා ආශ්‍රිතව තිඛෙන  හරිත කලාප හෝ සංරක්ෂණය කළ යුතු  ශාක පද්ධති අනතුරට දමා තිඛේ.  ගං ඉවුරු ආරක්ෂා කර ගැනීම සදහා අදාළ ආයතන වලට ලබාදී ඇති නීතිමය ප්‍රතිපදාන වල සීමාවක් තිඛෙන නිසා පුද්ගලික ඉඩම් අයිතිකරුවන්ට අවශ්‍ය පරිදි ගං ඉවුරු වල රක්ෂිත විනාශ කළ හැක. නමුත් මේ සම්බන්ධයෙන් අලුත් නීති හදුන්වාදී නව පනතක්  ගැසට් කිරීම මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනට වසර 2007 වසරේදී යෝජනා කොට සම්මත වී තිඛේ. නමුත් මේ වනතෙක් එම ගැසට් පත්‍රය නිකුත් වී නොමැති බව කණගාටුවට කරුණකි. මෙවැනි හේතූන් නිසා බොහෝ ගං ඉවුරු ආශ්‍රිත රක්ෂිත සෝදාපාලුවට හා විනාශයට යාම වලක්වා ගැනීමට ක්‍රමවේදයක් නොමැත.මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ අවධානය යොමුවිය යුතය. ginoya 3 ginoya2