දසුන් ශානකට ලබාදුන් තීරණය අසාධාරණයි – අසංක ගුරුසිංහ

0
76

Dasun-Shanaka-3

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදුන් දඩුවම් අසාධාරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ ක්‍රියාව ශානක විසින් හිතා මතා සිදුකල ක්‍රියාවක් නොවන බවයි. එලෙසම මේ සිදුවීම සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම ශානක විසින් භාරගෙන ඇති බවත් ඒ සම්බන්දයෙන් ඔහු පසුතැවෙන බවත් මේ සම්බන්දයෙන් වැඩිදුර අදහස් දක්වන අසංක ගුරුසිංහ මහතා සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්දයෙන් තරග තීරකවරයා විසින් දසුන් ශානක වෙත සිය තරග ගාස්තුවෙන් 75%ක දඩයක් පනවා තිබෙනවා.