හදිසි ආපදා තත්වයන් ගැන කියන්න හදිසි ඇමතුම් අංකයක්

0
97
kelani
පවතින අයහතපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වන පුද්ගලයන්ට සහන සැළසීමටත් හානියට පත්වන දේපල සඳහා වන්දි ලබාදීමටත් කඩිනමින් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එමෙන් ම යම් හානියක් සිදුවුවහොත් ඒ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආපදා හදිසි ඇමතුම් අංකය වන 1902 අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස ද එම අමාත්‍යවරයා දැනු ම්දෙයි.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන්ට කඩිනමින් සහන සේවා සැපයීමටත් අවශ්‍යතාවක් ඇත්නම් ආරක්ෂිත ස්ථානවල රඳවන ලෙසත් දිසාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අද (30) උදෑසන ලැබුණු වාර්තාවන් අනුව පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගල ජීවිත ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බැවින් තම දරුවන් ද නිවෙස්තුළම රඳවා ගනිමින් ආරක්ෂිතව සිටින ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය  දැනුම් දෙයි.
හානියට පත්වූ නිවාස හා අනෙකුත් දේපළ සම්බන්ධයෙන් තම පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙත තොරතුරු ලබාදෙන ලෙසත්, එම තොරතුරු අනුව ඉදිරියේ දී කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
උපුටාගැනීම – sinhala.news.lk