මීගමුව දුම්රිය පළ ඉදිරිපිට ත්‍රිවිල් පාක් එකේ මැරයෙක් මාධ්‍යවේදියෙකුට පහරදෙන්න හදලා!

0
153

3 weel 220171202_165157NGB station 1මීගමුව නගරයේ හිතුමතේ ස්ථාපිතව ඇති ත්‍රිරෝද රථ ගාල් දැන් නගරයටම ගැටළුවක් වෙමින් පවති. එපමණක් නොව මේ ඇතැම් තැන් හි සිටින ත්‍රිරෝද රියදුරන් ඇත්තටම හැසිරෙන්නේ මදාවියන් ලෙසිනි.
මෙවන් එක් මදාවි මැරයෙකු ඊයේ සවස මීගමුවේ මාධ්‍යවේදියෙකුට පහරදෙන්නට ගොස් ඇත.
සිරස විරකේසරි ඇතුළු මාධ්‍ය ගණනාවක මීගමුව වාර්ථාකරු වු ඔහු ඊයේ දිනයේ මීගමුව දුම්රියපල අසල පිහිටි ඇපලෝ ඡයාරුපගාරය අසල සිය ත්‍රිරෝදය නවතාගෙන සිටියදි එහි පැමිණ ඇති මේ ත්‍රිවිල් මැරයෙකු කියා ඇත්තේ තමන්ගේ ත්‍රිරෝද රථ ගාල  මේ දිගටම ඇති හෙයිනි ඒ තැනින් ත්‍රිරෝද රථය ඉවත්කරගන්නා ලෙසය.
ඉන් නොනැවතුන ඔහු මේ මාධ්‍යවේදියාට නොසරුප් වචනයෙන් බැන වදිමින් පහරදිමට ගොස් තිබේ.
ඔහුගේ සහයට පැමිණ ඇති තවත් ත්‍රිවිල් මැරයෙකු මාධ්‍යවේදියාගේ ත්‍රිරෝද රථයටද පහර දි ඇත.
මේ පිළිබදව ඊයේ රාත්‍රියේ සිරස මාධ්‍යවේදියා විසින් මීගමුව පොලිසියටද පැමිණිලි කර ඇත.ඒ පිළිබදව වහාම ක්‍රියාත්මකව ඇති පොලිසිය එවෙලේම අදාල ත්‍රිරෝද ගාලට ගොස් මැරයන් දෙදෙනාට අද දිනයේ පොලිසියේ පෙනි සිටින ලෙස දැනුම් දි තිබේ.
මෙවන් මැරයන් පාලනය කිරිම සදහා පොලිසිය නිසි පියවර ගත යුතු තිබේ.