ඉස්සන් රස්සාවෙන් බැටකන මුහුදු ධීවරයාගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කවුද?

0
220
මහා තෙප්පම් - මීගමුව කලපුව

????????????????????????????????????

රුවල් ඔරුවෙන් මුහුදු ගොස් ඉස්සන් රස්සාවේ යෙදෙන ධීවරයා ප්‍රශ්න කීපයක් නිසා පීඩා විඳියි. කලකිරීමට පත්ව තිඛේ.  ප්‍රධාන වශයෙන් මේ වනවිට තමන් රස්සාව කරන කලාපය තුළ එන්ජින් සහිත කුඩා බෝට්ටු සහ තෙප්පම් වලින්  පැමිණ ඉස්සෝ  ඇල්ලීම නිසා  මතුව ඇති  මේ ප්‍රශ්නය  ගැන ධිවරයින් දැඩි ආවේගයකින් කතා කරති.
වෙන්නප්පුව ,පෝරුතොට ,පළගතුරේ යන ප්‍රදේශ වල සිටින ධීවරයින්  මේ කටයුත්තේ යෙදෙන බවත්  ඔවුන් එකවර  25 ක30ක බෝට්ටු  සහ තෙප්පම් වලින් පැමිණ දැල් වටකර  ඉස්සන් අල්ලන බවත්  මුහුදු ඔරු ධීවරයින් පෙන්වා දෙති. මේ ගැටලුව නිසා නිතර රන්ඩු ඇතිවන බවත්  ඔවුන් ප්‍රකාශ කරයි. ධිවර ප්‍රජාව අතර අසමගියක් නිර්මාණය විඹට හේතුවී ඇති බව සමිති නායකයින්ගේ අදහසයි.
මේ රස්සාව සදහා යාමට රුවල් පනගැන්වෙන්නේ  සුළං වලිනි. සුළං වැඩිවුවහොත් යාමට නොහැක. මේ නිසා මෙය රැකගැනීමේදී ඉහත කී ආක්‍රමණික ක්‍රියා ඉදිරියේ  අසරණ වී  තමන්ගේ දැල් හකුලාගෙන ආපසු  ඒම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් පවසති.මේ අර්බුදය විසදා ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙස පියතුමන්ලා, ධිවර කාර්යාලය ,ඇතුළු  සියලු දෙනාගේම අවධානයට යොමු කරමු.