ප්‍රදිප් පිරිස් රොයිස්ගේ නායකත්වය පිළිගනියි ? එජාප විකල්ප කණ්ඩායමට දැන් මොකද වෙන්නේ ?

0
47

pdeep and roice 4මීගමුව එජාප සංවිධානය කටයුතු වලට වසර ගණානවක් පුරා කිසිදු සක්‍රිය මැදිහත්විමක් නොකළ ප්‍රදිප් පිරිස්  අද මීගමුවේ පැවැති එජාප ක්‍රියාකාරින්  දැනුවත් කිරිමේ රැස්විමකට සහභාගිව තිබුණි.
මීගමුව එජාප නායකත්වයට එරෙහිව නිරන්තරයෙන්ම කටයුතු කරගෙන ගිය ප්‍රදිප් පිරිස්ගේ පැමිණිම ගැන එජාප ක්‍රියාකාරින් බහුතරයක් තුල පැවැතුනේ සැකකටයුතු හැගිමක් බව ඔවුන්ගේ කථාබස් වලදි පැහැදිලි විය.pradeep and rocie 2UNp crowd 1UNp meeting crowd
මීගමුවේ එජාප ජන්ද අඩුකිරිම මගින්  මන්ත්‍රිධුර ගණන අඩුකිරිමට  මෙන්ම විකල්ප එජාප කණ්ඩායම තුලින් මන්ත්‍රිධුර කිපයක් ලබාගෙන රොයිස් විජිතට නාගරාධිපතිධුරය අහිමි කිරිමට සැලැසුම් කිරිමත්   ප්‍රදිප් පිරිස්ට එරෙහිව එජාප ක්‍රියාකාරින් අතර පැවැති විවෘත චෝදනාවන්ය.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු කාවින්ද ජයවර්ධනද මෙම ක්‍රමන්ත්‍රණයට හවුල් බව කියැවෙන විවිධ ප්‍රකාශයන්ද දැන් ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.මීගමුව තුල ශක්තිමත්ව ස්ථාපිතව ඇති නායකත්වය කෙසේ හෝ දුර්වල කරලිමේ දිගුකාලින සැලැස්මකට මේ වන විට විවිධ අයෝජනයන් කරමින් සිටින ලංසා පවුල හා එක්ව ක්‍රියාත්මක අශුද්ධ සන්ධානයක් ගැනද මේ දිනවල මිගමුවේ දේශපාලන කවයන් අතර කථාබහකට ලක්ව තිබේ.

bandulal b
ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව එජාප ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා මීගමුව කඩොල් කැලේ කියුපිඩ් ගාඩ්න්හිදි අද පැවැති රැස්විමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ සහ ගාල්ල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බාරිගොඩද පැමිණි තිබුණි.