Info Sri Lanka News වාරණයට වසර 3යි

0
68
inforsrilankaමාධ්‍ය සමාජයට විශාල බලපෑමක් කරන ක්ෂේත්‍රයක් වුවත් Info Sri Lanka News වෙබ්අඩවිය ආරම්භ වන සමයේ ප්‍රාග්ධනය මගින් හැසිරවෙන ප්‍රබල මාධ්‍ය ආයතන නොයෙකුත් න්‍යායපත්‍රයන් වලට අනුව හැසිරෙමින් තිබිණ.
එකල සියයට අනූ නවයක්ම මාධ්‍ය න්‍යායපත්‍ර එවකට පාලන ක්‍රමයේ පාලකයන්ගේ උවමනාවන්ට අනුව සකස් වූ ඒවා. ඒ වගේම එම ආයතන, තම ප්‍රාග්ධන හැකියාවට හා තමා සතු මාධ්‍යයේ ප්‍රබල සන්නිවේදන හැකියාවට අභියෝග කරන්න, සමාජයේ අනෙකුත් කණ්ඩායම් වලට ඇති නොහැකියාව භාවිතා කරමින් කිසිදු හිරිකිතයකින් තොරව සත්‍ය වසන් කරමින්, තමන්ට අවශ්‍ය දේ සත්‍ය බවට පත් කරමින්, වැල්වටාරම් ප්‍රවෘත්ති බවට පත්කරමින්, පුරසාරම් දොඩවමින් ඉතාමාත් ඉදිමුණ හිසින් අත්තනෝමතිකව වැඩ කරනු ලැබුවා.
එකී ක්‍රියාවලියට එරෙහිව 2014 වසරේ ආරම්භ වූ Info Sri Lanka News වෙබ්අඩවිය ජනතාවගේ තොරතුරු දන ගැනීමේ අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියා.
මේ නිසා ම 2014 වසරේ දෙසැම්බර් 17 වන දා එවකට පැවතී රජය විසින් Info Sri Lanka News වෙබ්අඩවිය වාරණය කරනු ලබනවා.
ඒ වනවිට මෙරට ප්‍රමුඛතම වෙබ්අඩවි කිහිපය අතරට එක්ව තිබූ Info Sri Lanka News වෙත එකී වාරණයෙන් උරුම වුයේ දැඩි ආර්ථික හානියකි.
කෙසේ නමුත් අප ලැබූ ආර්ථික හානියත්, එතැන් සිට උරුම වූ වෙබ්අඩවිය නඩත්තු කිරීමේ ආර්ථික ගැටලුත්, අප නිරත වූ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂාකරගැනීමේ අරගලය බිඳකින් හෝ අඩු කිරීමට සමත් වුයේ නැත.
එවකට අප තාක්ෂණික අංශය මෙකි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, ජනතාවට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ විවිධ මාර්ග සොයා ගත්හ.
යළිත් දුහුවිලි මතින් නැඟී සිටින අපි මෙම වාරණයට වසර 3ක් සපිරෙන අද සිහිපත් කරන්නේ නිබඳව ම අප සමඟ සිටි පාඨක ජනතාවයි. ඔවුන් නොවන්නට Info Sri Lanka News වෙබ්අඩවියක් නොමැත.
මේ වන විට Info Sri Lanka News වෙබ්අඩවිය ඇතුළු තවත් වෙබ්අඩවි 10කින් සන්නද්ධ වීමට Info Sri Lanka Media Networks සමත් වී තිබේ.
හෙටත් මේ වෙබ්අඩවිය ඔබේ ම වෙබ්අඩවිය කරගන්න. අපිට ලියන්න. ඔබේ අදහස්, යෝජනා වගේ ම චෝදනාත් අපිට එවන්න. සඟවන ඇත්ත අපි හෙළිදරව් කරමු.
ඒ, අපේ පොරොන්දුවයි!!!