කට්ටුව අනාරක්ෂිත දුම්රිය කපොල්ල තවත් ජීවිතයක් බිලිගනියි

0
445

DSC_0514
මීගමුව –  කට්ටුව රේල් පාර මාරුවන ස්ථානයේදී අද උදේ 10.25 ටදුම්රිය සමඟ වාහනයක් ගැටී එක් අයෙකු මියගිය අතර වාහනයේ ගමන්ගත් අනෙක් තිදෙනාට තුවාල සිදුවී තිඛේ.
ඔවුන් මීගමු රෝහලට රැගෙන ගොස් ඇති  අතර ඉන් දෙදෙනෙකුට ඉතා අසාධ්‍ය බව
වාර්තා වේ.
කොළඹ -හලාවත 816 අංකය දරණ මෙම දුම්රියේ රියදුරු වන්  ආර්.ඩී
සෝමරත්න මහතා  ප්‍රකාශ කළේ  මෙම  වාහනය ධාවනය කරමින් සිටියේ කාන්තාවක් බවත් ඇය  දුරකතන ඇමතුමක  සිටි බවත්ය.
දුම්රිය කාරය පිටුපස ගැටීමෙන් පසු  මීටර් 200 ක පමණ දුර ඇදගෙන ගොස් ඇත.
7950 අංකය දරණ එම කාරය තුල 4 දෙනෙක් සිට ඇති අතර 4 දෙනාම කාන්තාවන් වේ.
මියගොස් ඇති කාන්තාව (16)  මීගමුව කුරණ ගල්කන්ද හංදියේ අයෙකු බව වාර්තා වේ.රිය පදවාගෙන ගොස් ඇත්තේ සුමිත්‍රා සුභානි සමරකෝන්  නම් කාන්තාවකි.
මෙම දුම්රිය මාර්ගය අවට අවට ප්‍රදේශ වාසීන් පවසන්නේ මෙම ස්ථානයේ වසරකට වරක් අනතුරක්  සිදුවන බවයි.
මෙහි ගේට්ටුවක් නැත. ඇත්තේ ඛෙල් සිග්නල් එකකි. නමුත් දුම්රියක් ලඟා වන
බවට අවධානයෙන් නොසිටි කෙනෙකුට එය නොපෙනේ. ඒ නිසා මෙම ස්ථානය අවධානම් සහිතය.
මේ  අනුව ජනතාව මෙන්ම වගකිවයුත්තන්ද මේ පිළිබඳව විමසිලිමත්වීම අත්‍යවශ්‍යවේ.DSC_0527 DSC_0524 - Copy DSC_0521 DSC_0520 DSC_0520 - Copy DSC_0533 DSC_0529 DSC_0528ඡායාරූප – සැම්සන් ඥානසිරි