“දෙවිදු උපන්නේය” නත්තල් දා උදේ ස්වාධීන රූපවාහිනියේ..

0
88

ඒකාකාරී නත්තල් නාට්‍ය රැල්ලෙන් මිදී නත්තල හා බැදුණු ගමක මානූෂීය හැගීම් නිර්වචනය කිරීමට දරන අපූරු ඒකාංගික ටෙලිවිෂන් නාට්‍යයකි, දෙවිදු උපන්නේය.මිනිස් සංථානය තුල ඇතිවන පරම්පරා ගැටුම හා ඒ තුලින් ඇතිවන හැලහැප්පිම් දේව ධාර්මිකව ජයගැනිම පිලිබද කෙරෙන අපූරු විග්‍රහයක් දෙවිදු උපන්නේය, තුලින් ප්‍රෙක්ෂක ඔබ වෙත ගෙන එයි.

පිරිස මැද ගෝලයා බලා සිටියි.අයෙක් ඔහුට පහර දිමට සැරසෙයි.පියතුමා එය වලකයි.මේ සැරේ නත්තලට ගවලෙනක් අවැසි බව පියතුමා කියයි.අපි එකතුවෙලා ගවලෙනක් හදමු යැයි අන්දිරිස් කියයි.සැලැස්ම ගෙදර බව පුතා කියයි.තමන් ඒ සැලැස්ම දුටු බව අන්දිරිස් පුතාට කියයි.බිම වැටි සිටි ගෝලයා එතැන දන නමයි.දෙවිදු උපන්නේය සතු‚ දෙවිදු උපන්නේය ගිතය ඔහු තනිව ගයන්නට පටන් ගනියි.අනෙක් අයත් ඒ ගිතයට හවුල් වෙයි.

දෙවිදු උපන්නේය, හි රංගනයෙන්  සරත් කොතලාවල,ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි,දීපානි සිල්වා,ආනන්ද කුමාරඋන්නැහේ, අර්ඩ්ලි වෙදමුනි,ශාලිත ගණවර්ධන,නෙත්මි කෝස්තා දායකවෙයි.
දෙවිදු උපන්නේය, හී නිර්මාණාත්මක තිරරචනය ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියනමයි.
දෙවිදු උපන්නේය, අධ්‍යක්ෂනය කරන්නේ සුනිල් කෝස්තායි.දෙසැම්බර් 25 දා උදෑසන 10.10 ට ස්වාධීන රුපවාහියෙන් දෙවිදු උපන්නේය විකාෂය වෙයි.

davidu upannaya drama.00_49_51_21.Still062

davidu upannaya drama.00_22_33_00.Still027

davidu upannaya drama.00_39_11_22.Still047

davidu upannaya drama.00_14_02_21.Still024