පෙරළා දැමූ ගස් වලින් රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මං තීරුව වසා දමයි

0
249

අප  මේ ගස් කපා දැමීම පිළිබදව මීට පෙර අවස්ථා කීපයකදී වාර්තා කළෙමු.
තවමත් ප්‍රශ්නය විසදා නොමැත. ගස් කැපුවේ සාධාරණ හේතුවක් මත නම් , ජනතාවගේ හිත සුව පිණිස නම් මෙතරම් කලක් උද්‍යානයේ මේ ගස් පෙරළා තැබීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් ජනතාවට හොරෙන් යටි උවමනාවක් ඇතිව සිදුකරන ලද්දක් හෙයින් ගලේ බළලා පැහැරුවා සේ මෙම ගස් වල  කදන් රාජපක්ෂ උද්‍යානය අවලස්සන කරමින් බාවා ඇත.
මේ ගැන කිසිදු වගකිවයුත්තෙක් හාවක්,හූවක් නැති නිසා මෙය හොර වැඩක් බැව් තවදුරටත් පැහැදිලිවේ.  මිගමුවේ ඇති ප්‍රධාන සංස්කෘතික භූමියට  කරන මේ සාපරාධී ක්‍රියාවන්  මිනිසුන් ලෙස ඉවසා සිටින්නේ  කෙසේදැයි අපි විමසමු.නිලධාරීන්ගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙන පිළිතුරු කල්තියා හදුනාගැනීමට හැකි තරමට  ජනතාව දැනුවත් වී ඇත.මන්ද  වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව යනුවෙන් ජනතාවගේ පැත්තෙන් උදාසීන අදහසකට කරුණු පෙළ ගැසී ඇත. නමුත් අපි බලධාරින්ට අනතුරු අගවන්නේ පොදු ජනතාවගේ දේපළ සමග කටයුතු  කරන  අකාරය සම්බන්ධව ඉතිහාසය කිසිලෙසකත් ඔබලාට සමාව නොදෙන බව මතක් කරමිනි.

මීගමුව රාජපක්ෂ උද්‍යානය 2017/12
මීගමුව රාජපක්ෂ උද්‍යානය 2017/12
මීගමුව රාජපක්ෂ උද්‍යානය 2017/12
මීගමුව රාජපක්ෂ උද්‍යානය 2017/12