සරත් ගුණරත්නට එරෙහිව ක්‍රියාත්මක දැවැන්ත කුමන්ත්‍රණය පිටුපස සිටි දේශපාලකයා කව්දැයි හෙළිවේ ?

0
48

සරත් ගුණරත්නට එරෙහිව කලක සිට ක්‍රියාත්මක  කුමන්ත්‍රණය පිටුපස සිටියේ කව්දැයි  ඔහු සමිපයේ සිටින අයටද දැන් වැටහෙමින් ඇති බැව් සැලය.
2002 දි සිදුවු සිද්ධියකට අදාලව 2016 දි හිටපු නි.ඇමති සරත් ගුණරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .කලකට යටගොස් තිබුණ කලපුව ව්‍යාපෘතිය හා බැදුන වංචාවක් ගැන යළි මතුකරමින් මාධ්‍ය මගින් ප්‍රහාරයක් එල්ලවන්නටද පසුගිය සමයේ පටන් ගැණුනි.
මේ සියල්ල පිටුපස කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබිය හැකියැයි සරත් ගුණරත්න සමිපයේම සිටින අය පවා දැන් කියන්නට පටන් ගෙන තිබුනේ ඒ  එහෙයිනි.
මේ බොහොමයක් දෙනාගේ ඇගිල්ල මේ වන විට දිගු වෙමින් ඇත්තේ මීගමුවේ තවත් දේශපාලකයෙකු වෙතය.
සරත් ගුණරත්නව දේශපාලනයෙන් විශ්‍රාම යැවිම තුලින් හිස්වෙන මීගමු දේශපාලනයේ හිඩැස අත්පත්කරගැනිම  සදහා මේ  දැවැන්ත මෙහෙයුමක් එදා  දියත්ව තිබුණි.
මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සදහා පඩි ලබන ඔත්තු කරුවන් දැන් තැන් ගණනාවක ස්ථාපිත කර තිබුන බවද සැලය.
මීගමුවේ විවිධ දේශපාලන කේන්ද්‍රයන් තුල ඇති තොරතුරු දිනපතා මේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබාදිමට මේ පඩි ලබන පිරිස ක්‍රියාත්මක වෙමින් නොසිටිද?
මේ වෙනුවෙන් ඇතැම් මාධ්‍යවේදින් පවා ක්‍රියාත්මක වෙමින් ඇතැයි කියැවෙන්නේ බොරුවක්ද ?
දැන් සියල්ල රෙදි ගැලවේවා සේ පෙනෙන්නට පටන් ගෙන තිබේ.දශක 3 කටත් වැඩි සරත් ගුණරත්නගේ පිළ් මාරු නොකළ දේශපාලනයේ කීර්තිනාමයට බල්ලා මාක් එක අලවා ඔහුව දේශපාලනික විශ්‍රාම යැවිම තුල ඇතිවන හිඩැසට දයාන් ලංසාව ගෙනඒම ඒ පවුලේ සැලැස්මයි.
රැට රැට පමණක් මහින්ද සමගින් ගණුදෙනු කළ නිමල් ලංසා දැන් යහපාලනයෙන් එළියට පැන ඇත.
ඔහු බලා සිටින්නේ මහින්ද පිළේ කටාන සංවිධායකකම ගැනිමටය.
මේ සියල්ලට අදාල කුමන්ත්‍රණය ඉතා සංවිධානාත්මක ක්‍රියාත්මක වුවද සරත් ගුණරත්නට මෙය නොවැටහිම ඇත්තටම අභාග්‍යයකි.
ඔහුට නොවැටහුණද සුජාතට නම් එය කදිමට වැටහේ.
දැන් සරත් කළ යුත්තේ සුජාතාගෙන්වත් උපදෙස් ගෙන දැනටමත් උගස් වි ඇති සිය දේශපාලන අන්‍යන්‍යතාවය සින්නවිමට ඉඩ නොදි කටයුතු කිරිමටය.