මීගමුවේ අසූචී දියහොඳ ඇලට දැමු ඩන්ටිලාට අමතක වු පොරොන්දුව ?

0
108

suwerage

මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට

මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට

 

ප්‍රදේශයේ නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා මාස 2 කකින් විසදිමට පොරොන්දු වුවද දැන් මාද 5 ක් ඉක්මවා ඇත.

කුරණ හිටපු නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා

මීගමුව මහනගර සභාවේ දේශපාලකයන්ගේ සහ පරිපාලන නිළධාරින්ගේ සැලැසුම් වලින් තොර වැඩවලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ මීගමුවේ බදුගෙවන ජනයා වෙතය.
කුරණ පිහිටි මළඅපවහන පද්ධතිය අක්‍රිය විමෙන් පසු එය පිළිසකර කිරිමට කිසිදු විධිමත් ක්‍රියාමාර්ග නොගත් පැවැති නගර සභා පාලනය එදා  කල්පනා කළේ මීගමුවේ අසුචි වලින් ගොඩ යා හැකි ක්‍රමයක් සොයන්නටය.
ඒ අනුව ලොකු මෝරෙකු මේ දැලට හසුවිය.
ඒ නවලෝක රෝහලයි.
කුරණ මළඅපවහන පද්ධතිය පිළිසකර කර දිමෙන් පසුව වසර 10 ක් පුරාවට නවලෝක රෝහලේ සකලාකාර අපද්‍රව්‍ය බැහැර කරන්නට වන්නේ කුරණ පිහිටි ඒ පද්ධතිය වෙතය.
නවලෝක රෝහල පැත්තෙන් බලන කළ විශාල ලාබදායි කටයුත්තකි.
කෙසේ වෙතත් නවලෝක මේ ගණුදෙනුද අතර මග නැවතුනි.
තවමත් වැඩ පටන් ගෙන ඇති බවක් නම් නොපෙනේ.
මේ අතර ඒ කාලයේ කිසිදු හිරිකිතයකින් තොරව මීගමුවේ සියළු අසුචි  දිය හොද ඇලට එක් කිරිමට ජයවිර පාලනය එදා කටයුතු කර තිබුණි.
ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යනු රාජපක්ෂ පාලනයේ කුරණ නාගරික මන්ත්‍රිවරයාය.
2014 දි ඩන්ටි පොරොන්දු වුයේ මාස 2 කක් ඇතුළත දියහොද ඇලට අසුචි යැවිම නවතා මීගමුවේ මළඅපවහන පද්ධතිය නිසි ලෙසින් පිළිසකර කරන බවය.
දැන් 2018 යි.
ඩන්ඩි යළිත් කුරණ බලය ඉල්ලා තාප්ප බිත්ති ගානේ ඇලවි සිටි..

Comments

0 comments