නිමල් ලංසා රජයේ ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගෙන මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යයි !

0
44

IMG-20180116-WA0004මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන  බරපතල චෝදනාවක් එල්ලවි ඇත.
මීට වසර ගණනාවකට පෙර ඒ ප්‍රදෙශය නියෝජනය කළ ඇල්බට් නම් වු නාගරික මන්ත්‍රිවරයා විසින් නගර සභා ප්‍රතිපාදන යටතේ මේ ගොඩනැගිල්ල ඉදිකරන ලද අතර ග්‍රාම නිලධාරි කාර්යාලයත් සමෘද්ධි කාර්යාලයත් මේ ස්ථානයේ සිට ක්‍රියාත්මක විය.
ඉන්පසු නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටි සමයේ රජයේ ප්‍රතිපාදන වැය කරමින් යම් යම්  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණි.IMG-20180116-WA0005
සමෘද්ධි නිළධාරි කාර්යාලය මේ වන විට ඒ වෙනුවෙන් ඉදිකරනු ලැබ තිබෙන ස්ථානයකට ගෙන ගොස් ඇති අතර ග්‍රාම නිළධාරි කාර්යාලය තවමත් මෙහි ක්‍රියාත්මකය.
තතු මෙසේව තිබියදි නිමල් ලංසා සිය මැතිවරණ කාර්යාලය බවට දැන් පත්කරගෙන ඇත්තේ මේ රජයේ ගොඩනැගිල්ලය.
මෙය බරතල නීතිවිරෝධි ක්‍රියාවකි.
මේ ගොඩනැගිල්ල රජයට අයත් එකක් නොවුනේ නම් සමෘද්ධි කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මෙය කාගෙන් හෝ කුලියක් ගෙවා ගත යුතුව තිබුණි.
එහෙත් එය එසේ සිදුව නොමැත.
ඉන් කියැවෙන්නේ මේ ගොඩනැගිල්ලට හිමිකම් කියන කිසිදු පුද්ගලික හිමිකරුවෙකු නොවන බවය.
එනම් මෙය රජයේ ගොඩනැගිල්ලකි.
එසේ නම් නිමල් ලංසා සිය දේශපාලන කාර්යාලය බවට මෙය පත්කරගනිමින් නිමල් ලංසා පදනම මෙහි පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද ?
මෙය පමණක් නොව මේ අකාරයෙන තවත් ඉඩම් රාශියක් නිමල් ලංසා සහ ඔහුගේ ගෝලයන් විසින් මේ වන විට බලෙන් අත්පත්කරගෙන සිටිති.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට මීගමුවේ රජයේ නිළධාරින් තවමත් අපොහොසත්ව විම ඇත්තටම කණගාටුවකි.