අත ලකුණේ අපේක්ෂකයෙකුට මැර තර්ජනයක් ?

0
172

මෙවර පළාත්  පාලන  මැතිවරණයට  කටාන ආසනයේ අත ලකුණින්   තරඟ  වදින ලංසිය  වාඩිය  ශාඛාවේ  සභාපති  ධර්මසේන  නමැත්තාට  ජනවාරි  12  වනදා  යතුරු  පැදිවලින්   පැමිණි  හතරදෙනෙක්  පිස්තෝලයක්  එල්ලකොට ‘උඹද ධර්මසේන  බාස්  ඹය දේශපාලනේ  නවත්තපං ‘  කියා  තර්ජනය කොට  ඇති බව වාර්තා වේ.
පොහොට්ටුවෙ  පළාත් සභා මන්ත්‍රී  ආනන්ද  හරිශ්චන්ද්‍ර   විසින්  මෙම  සිද්දියට  පෙර ධර්මසේන  මුනගැසී  ”උඹේ  ‍දේශපාලනය  නවත්තපං  නැත්නම්  උඹෙයි  මගෙයි  යාළුකම්  ඉවරයි ” යනුවෙන්  පවසා ඇතැයිද සැලය.
මෙම    සිද්ධිය සම්බන්ධයෙන් සීදූව  පොලීසියේ පැමිණිල්ලක්  සිදුකර  ඇති අතර සුදර්ශනී  ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද  පැමිණ මේ පිළිබද  විමසීමක් කරඇත.1