නාඳුනන මළ සිරුරු වලින් මෘතශරිරාගාරය පිරෙයි.?

0
210

මීගමුව රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මුහුණ දෙන ප්‍රශ්ණ වලට නිසි පිළිතුරු නොලැබිම නිසා මහජන සෞඛ්‍ය සේවාවවට අදාල ගැටළු නිතර මතුවේ.

මින් අතැම් ගැටළු අතිශය මානුෂික  කාරණා හා බැදේ.ඉන් අර්බුදයට යන්නේ ඒ ප්‍රශ්ණ හා සම්බන්ධ වු ුඅය වෙති.

පසුගිය දිනක මීගමුව රෝහලට යාචකයෙකුගේ මළ සිරුරක් රැගෙන ආ පොලිස් නිළධාරින් දෙදෙනෙකු මුහුණු දුන් ගැටළුව ගැන අප පළ කලෙමු.

එහෙත් එහිම අනික් පැත්ත අප වෙනම මෙසේ පළකරන්නේ මේ දෙපැත්තම ආදල සැමගේ අවධානයට යොමුවිය යුතව තිබෙන බැවිනි.

මේ පිළිබදව අප මීගමුවේ අධිකරණ වෛද්‍ය නිළධාරි දායාපාල මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටිෙය් මීගමුව රෝහලේ මෘතශරිරාගාරයේ මෘත දේහයන් බහාලිම සදහා ඉඩ කඩ ඇත්තේ 4 ක සදහා පමණක් වුවද ඒ ඉඩ භාවිතා කරමින් මෘත ශරිර 8 ක් බහාලිමට කටයුතු කරන්නට සිදුව ඇත.මෙවන් තත්වයකු තුල බෙහෝ විට පොලිසිය විසින් ගෙන විත් භාරදෙනු ලබන නාඳුනන මළ සිරුරු නිසි පරික්ෂණ කටයුතු නිමවා ඉක්මනින් ඉවත් කරගැනිම පියවර ගැනෙන්නේ නැත.මේ හේතුව නිසා මීගමුව රෝහලේදි මිය යන අයෙගේ මෘත දේහ තබාගැනිම ඇතැම් දිනවලදි බරපතල අර්බුදයක් බවට පත්ව තිබේ.

මේ නිසා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල ය විසින් පොලිසිෙය් ඉහල තනතුරු දරන අයවෙත පවා දැනුම් දෙමින් නාඳුනන මළ සිරුරු ඉක්මනින් ඉවත් කරගැනිමට පියවර ගැනිෙම් අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

පසුගිය දිනක අදාල යාචක මළ සිරුර රෝහලට පැමිනෙන අවස්ථාවේදි පවා නාඳුනන මළ සිරැරු 5 ක් මෘත ශාරිරාගාරයේ විය.

මෙතන ඇත්තේ අවශ්‍ය පහසුකම් සැපයිම සහ රාජකාරි කටයුතු කාර්යක්ෂම කරගැනිමේ අවනඩුවකි.පිළිතුරු සැපයිය  යුත්තේ කව්ද???