කච්චේරිය ඉදිරිපිට ඇති අනවසර කඩ ජනතාවට බාධාවක් ?

0
309
කච්චේරිය ඉදිරිපිට ඇති අනවසර කඩ

 

කච්චේරිය ඉදිරිපිට ඇති අනවසර කඩ
කච්චේරිය ඉදිරිපිට ඇති අනවසර කඩ

මීගමුව  කච්චේරිය  අසල  අනවසර  වෙළඳසැල්  දමා  සෙරෙප්පු  සහ  සපත්තු   වැනි  දෑ  වෙළඳාම්  කරන  බව  අපට  වාර්තා වේග  නගරයේ  පවතින  ගැටළු  අතර  පදික  වේදිකාවල   කරන  වෙළඳාම්  නිසා  ඇතිවන  තදබදය  සහ ඉන්  ජනතාව  අත්විදින  පීඩාව  ගැන  අප 2017 දෙසැම්බර් මාසයේ සිට වගකිවයුතු  නිලධාරීන්ගේ අවධානයට යොමු කළෙමු.
නමුත්  තවමත්  තත්වය  වෙනස්වී  නැත. මේ  සම්බන්ධව  නොයෙක් දෙනා  අපට  දුරකථනයෙන්  කථාකරන  අතර  ඊට  විසඳුමක්   බලාපොරොත්තුවෙන්   සිටිති.  ඒනිසා   අප  මේ පිළිබඳව  මීගමුව  නාගරික  කොමසාරිස්  වරයාගෙන්   විමසා සිටියෙමු.   මෙහිදී ඹහු  ප්‍රකාශ  කළේ  මීගමුව කෙලින් වීදියේ  ඇති  අනවසර  කඩ  සම්බන්ධව  තමන්ට  පැමිණිල්ලක්   නොලැබුනු  නිසා  ඊට  අවධානය  නොදුන්  බවයි.
කෙසේ වුවත් මෙම  වෙළඳසැල් නීති විරෝධි සහ මාර්ග තදබදයට හේතුවක් බව ජනතාවගේ චෝදනාවයි. මේ සම්බන්ධයෙන්  ගතයුතු පියවර සදහා නැවතත් කොමසාරිස්වරයාගේ අවධානයට  මෙම ගැටළුව යොමුකර සිටිමු.