නිලජන්ද දැන්වීම් පත් ජන්ද දායකයින් වෙත ඛෙදා හැරේ

0
111

මෙවර පළාත් පාලන ජන්දයේ නිලජන්ද දැන්වීම් පත් ජන්ද දායකයින් වෙත ඛෙදා හැරීම අද ( 19 )දා  උදෑසන හලාවත ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් ආරම්භ විය.
හලාවත නගර සභාව හා හලාවත ප්‍රාදේශීය සභාවේ කොටසක ජීවත් වන ජන්දදායකයින් තිස්පන් දහස් දෙසිය හතළිස් එක් දෙනෙකුගේ නිල ඡන්ද දැන්වීම් පත් මෙහිදි ඛෙදිම ආරම්භ විය. හලාවත ප්‍රාදේශීය තැපැල්  අධිකාරි එම්. ඒ. ජේ. බණ්ඩාර හලාවත තැපැල් ස්ථානාධිපති යු. කේ. බන්දුල රත්නසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හලාවත තැපැල් කාර්යාලයෙන් එම ජන්ද දැන්වීමි පත් තැපැල්කරුවන් විසින් ගෙන ගිය අයුරු ඡාවාරූපයේ දැක්වේ.
මෙම ජන්ද දැන්වීම් පත් පෙරවාරි  මස  4 වන දින දක්වා ඛෙදා දීමට නියමිතව ඇත.post office w ඔගස්ටින් ප්‍රනාන්දු   -හලාවත