සරත් ගුණරත්නට කියාගන්න බැරි මීගමුවේ ඇත්ත හොරු රැළ කව්ද ?

0
162

sarathපසුගිය දිනයක මීගමුව කඩොල් කැලේ කියුපිඩ් උත්සව ශාලාවේදි සරත් ගුණරත්න වේගවත් කතාවක් පවත්වා තිබුණි.
ඒ හොරකමක් කළ අයෙකු ගැනය.
ඉන් නොනැවකුන සරත් ගුණරත්න පසුගිය දින කිපයකදිම රොයිස් හොරා යැයි කියමින් උකුස්සා පොලිස් රථය දාන්න වුයේ ද ඒ නිසා යැයි කියමින් කථා පවත්වමින් සිටි.
2014 පෙබරවාරි… දින ජුවෙල් ලංකා ආයතනයේ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් රොයිස් විජිතගේද නම ඇදි තිබුන අතර පසුව ඔහුව සිරගත කොට  තිබුනේ ත්‍රස්තවාදිය වැලැක්විමේ පණත උපයෝගිකොට ගෙනය
දැන් ඒ හොරකම පිළිබදව විමර්ශන අධිකරණය විසින් මේ වන විට සිදුකරගෙන යමින් තිබේ.ය
එපමණක් නොව මෙම සිදුවිම අරභයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පමණක් නොව රාජපක්ෂලාට ආවඩන මාධ්‍ය පවා එදා හැසිරිණු අන්දම යළිත් සිහිපත් කරගැනිම වටි.
එමෙන්ම එවකට මිගමුව පොලිස් අධිකාරිව සිටි ලියනගේ විසින් ප්‍රසිද්ධියේ කියන්නට යෙදුන පට්ටපල් බොරු තොගය ගැනද මෙහිලා වගකිම් සහගත මාධ්‍යකරණයක නියැලෙන පිරිසක් ලෙසින් සටහන් කර තැබිය යුතුමය.
සරත් ගුණරත්න මේ දිනවල රොයිස්ට එරෙහිව කරගෙන යන චෝදනාව නිමිත්ත වි ඇත්තේ මීගමුව පුද්ගලික ආයතනයක්  සතු මුදල් හා රණ්භාණ්ඩ මෙසේ සොරකම් කිරිමක් ගැනය.
අයෙකු විසින් තවත් පුද්ගලික ආයතනයකින් මුදල් කොල්ලකා ඇති බවට චෝදනාවක් මෙසේ පවති..

තතු එසේව තිබියදි දැන් සරත් ගුණරත්නට එරෙහිව කලපු සංවර්ධනය සදහා වෙන්කර තිබුණ  මුදලකින් රුපියල් මිලියන 12ක් ක් අයථාලෙස රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වලට යොදා ගැනිම ගැන බරපතල වංචා දුෂණ විමර්ශණ ජනාධිපති කොමිසම විසින් පරික්ෂණ මෙහෙයවා එකි වාර්ථා දැන් නීතිපති වරයාට යොමුකර තිබේ.
මේ දිනවල ජනාධිපතිවරයා ජවිපෙ මෙන්ම එජාපයද මැතිවරණ වේදිකාවන්වල පතුරු අරින කොමිසම් වාර්තා 34 න් එකක්  සරත් ගුණරත්න ගේ අයථා මුදල් පරිහරණය ගැනය.මේ ගැන විවාදය පෙබරවාරි 06 වෙනිදා ට යෙදි ඇත.
කලපුවෙන් යැපෙන පවුල් ගණන 3000 ඉක්මවන බව කියැවේ.
මේ අනුව සරත් ගුණරත්න විසින් මෙසේ අවභාවිතා කර ඇත්තේ විශාල ජනතාවක් වෙතට ප්‍රතිලාභ ලැබිම සදහා වෙන් කර තිබු මුදලකි..
එය ඉතා පැහැදිලිව රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමකි.
තත්වය බරපතල වන්නේ එබැවිනි.එසේ රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති සරත් ගුණරත්න දැන් කිසිවක් නොකළ සුුදනෙකු මෙන් අනි්ක් අයට හොරා යැයි ඇගිල්ල දිග් කරද්දි තමන් දෙසටද ඇගිලි 3 ක් දිගුව ඇතැයි යන්න තේරුම් ගැනිමට තවමත් මනස වයසට ගොස් නැතැයි අප සිතමු.
රොයිස්ට හොරා යැයි සරත් කියන්නේ පුද්ගලික ආයතනයක මුදල් කොල්ල කා ඇතැයි කියමිනි.
එහෙත් සරත් එල්ල වි ඇති චෝදනාව වන්නේ රාජ්‍ය මුදල් සහ ජනතා මුදල් අවභාවිතය ගැනය.
මේ අනුව සෑබෑ හොරකම යනු කුමක්දැයි දැන් මීගමුවේ ජනයා තේරුම් ගත යුතුව තිබේ.
තවත් එකක් නම් නොකියාම බැරිය.
සෙරෙප්පු පැළද පාපැදියෙන් 2006 වසරේ තරම මීගමුව මහනගර සභාවට ගිය තරුණයෙකු 2018 වසරේදි මීගමුවේ ඇමතිධුරය අත්හරිමින් මතුවෙුනේ සුපිරි හෝටලයක් තුලිනි.
එය නමින් ග්‍රැන්ඩිසා වන අතර එහි සැබැ අයිතිකරුවන් සැමවිටම සගවා තබාගන්නට ඒ සැම උත්සාහ කළ ද එහි ඇත්ත හිමිකරුවන් වන්නේ
නිමල් ලංසා
බොරළු සමන්ත (ඇමති ලංසාට බොරළු සැපයු තැනැත්තා )
ඩන්ස්ටන් ගොළුහේවා (ගැලිසන් හිමිකරු )
මේ තිදෙනාට අයත් මේ හෝටලය ලියාපදිංචි කර ඇත්තේ DNS යන නමිනි .(එනම් ඩනස්ටන් ,නිමල් සහ සමන්ත )
ඉතින් ලංසා මේසා  අති සුපිරි හෝටලයක හිමිකරුවෙකු වුයේ කෙසේද ????
එපමණක්ද නොව ඕස්ට්‍රේයාලියාවේද නිවසක මෙන්ම යාන වාහන වලද  හිමිකරුවෙකි.
තවත් ප්‍රකට හෝටල් නම් කියක් ඔහු නමට ඇතිද ….??
ඔහු අතදිගහැර මේ ඡන්දයට මුදල් විසිකරන්නෙ එක් ඡන්දයක් රු 20000 ක් ගෙවා වුව ගණන්ට සුදානම් බව පෙන්වමිනි.
අප දන්නා තරමින් ඔහු විසින් පුර්ණ කාලිනව කළේ දේශපාලනයි.
එසේ නම් මේසා කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් හම්බ කරගත්තේ කෙසේදැයි සරත් ගුණරත්න විසින් දැනගතයුතුය .එපමණක් නොව පසුගිය කාලයේ ලංසා සමගින් විරසකව සිටි සමයේ පත්තර වලින් තරගෙට මඩ ගසා ගත් කාලයේ මෙන් දැන්ද ඒවා වැමැරිය යුතුය.
විදුරු ගෙවල් වල සිට ගල් ගසන්නට එපා යැයි කිමට තවමත් සුජාතටද අමතක වි ඇත සෙයකි.
.මේ කොල්ලකෑම් සියල්ල  පොදු දේපල වලින් කරන ලද සොරකම් වේ.
එපමණක්ද නොවේ කිසිදු අදායමක් උපයන රැකියාවක් නොකළ තවත් අයෙකු දැන් සුපිරි යාන වාහනද සමගින් කටුවාපිටිය ප්‍රදේශයේ ලක්ෂ 300 කට පමණ වැයකොට මෑතක ඉදිකරන ලද නිවසක හිමිකරුවෙකි
ඔහුද මුදල් උපයා ගත්තේ කෙසේදැයි සරත් ගුණරත්න නම් හොදාකාරවම දනි.එපමණක් නොව ඇන්ටනි ජයවිර මෙන්ම දයාල් නිලංගද සාක්ෂිය.
එහෙත් දැන් සරත් මේවා කියාගන්නට බැරිය .ඔහු දැන් ගලඋඩ කැත කළ බළළෙකු වැනිය.
මෙහි ඇති තවත් විහිළුව වන්නේ නිමල් ලංසාද රොයිස් හොරෙකු යැයි කියමින් බෙරිහන් දෙන්නේ ඔහු සුදනා යැයි සිතාගෙනය.
ජනාධිපතිවරණ සමයේදි මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සමයේද මෛත්‍රිටත් රනිල්ට කුණුහරුපෙන් බැන්න නිමල් ලංසා එකපාරටම අංශ 180 ක් හැරෙමින් අපේ ජනාධිපති යැයි පෝස්ට්ර් මිගමුවේ ඇලෙව්වේ ඇයි .
ආණ්ඩුවට පැන ඇමති කම් ගත්තේ ඇයි ?
සිය සොරකම් වහගන්නටය.
මේවා සියල්ල සරත් හොදින් දනි
එහෙත් දැන් ගලඋඩ කැතකරගෙන ඇති නිසා මේවා ගැන නෝ කථාය.
දේශපාලන ඉබ්බෙකු ඔහුගේ කටට දමා තදකර ඇත.
එසේ නොවන්නට කියුපිඩ් ගාඩ්න්හිදි මේ මහා මංකොල්ල කෑම් ගැණද සරත් තවත් අඩිපොලවේ ගසා කටපණ ඇති දෙසුමක් කරනු නියතය.
අහෝ සරත් ….ඔබ දේශපාලනිකව මිය යමින් සිටි.
ඔබව දැන් නම් බේරාගත හැක්කේ සුජාතාටම පමණි.

ලක්ෂමන් ප්‍රනාන්දු
දුන්ගාල්පිටිය