2016 ජුනි 02 වනදා මිගමුව මහනගර සභා පරිශ්‍රයේ දි වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු සහ මිපුර වෙබ් අඩවියේ කර්තෘ මිගමුව මහනගර සභා පරිශ්‍රයේ දි මැර ප්‍රහාරයකට ලක්වන්නේ එහි මහා සභා රැස්විම වාර්තා කිරිමට ගොස් පැමිණෙන අතරතුරය.
මෙම ප්‍රහාරය එවකට නියෝජ්‍ය නගරාධිපතිව සිටි දයාන් ලංසා විසින් සැලසුම් කර ඇතැයි යන්න ප්‍රෙඩි ගමගේ විසින් පොලිසියට කටඋත්තර දී තිබුණි. ඊට ප්‍රමාණවත් සාක්ෂි ලෙස නියෝජ්‍ය නගරාධිපති සහ පළමු සැකකකරු අතර ජුනි 02 වනදා පෙරවරුවේදී දුරකථන ඇමතුම් 13ක් හුවමාරුවී ඇති අතර පොලීසිය විිසින් බී වාර්තාවේ ඒ බව සඳහන් කර තිඛේ.
දයාන් ලාන්සා මෙම ප්‍රහාරයට සම්බන්ධ බව සැකකිරීමට එතරම් ප්‍රබල සාක්ෂි තිබියදී තවමත් ඔහුව අත්අඩංගුවට ගැනිමට පොලීසියට හැකිවී නොමැති අතර මෙම නඩුව නිතිපතිවරයාගේ උපදෙස් සඳහා දැනට යොමුකර තිබේ.
දැනට වාර්ථා වන අන්දමට මාධ්‍යවේදියෙකුට පහර එල්ල කිරිම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වි ඇත්තේ දායන් ලංසා හට පමණි.
මීගමුව මහේස්ත්රාත්අධිකරණයේ අද (23) පැවති නඩු වාරයේදී නැවතත් මෙම නඩුවේ නොවිසඳුන ප්‍රධාන ප්‍රශ්නයට නිතිපතිවරයාගේ උපදෙස් ලබාගැනිමට සදහා 2018 ජුලි 24 වන දිනට කල්තබන ලදී.
යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකුට එල්ල කරන ලද පළමු ප්රහාරයවන මෙය වන අතර එයට දැනට චෝදනා එල්ලවි දයාන් ලංසා රාජපක්ෂ රෙජිමයේ මිගමු නියෝජිතයා මෙවර නගරාධිපති අපේක්ෂකධුරයට තරග කරයි.
සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් රටතුල ස්ථාපිත කිරිම සදහා මාර්තු 12 ව්‍යාපාරය විසින් මේ වන විට දැවැන්ත වැඩපිළිවෙලක් රටතුලට මුදා හැර ඇති අතර ඔවුන් විසින් කියා සිටින්නේ විවිධ වංචා දුෂණ සහ මැරකම් වලට සම්න්ධ පුද්ගලයන් 100 කට අධික පිරිසක් මෙවර පළාත් පාලන අපේක්ෂකයන් අතරේ සිටින බවය.