වෙන්නප්පුවේ ශෙහාන්ගෙන් මංගල තරගයේදීම කඩුළු ත්‍රිත්වයක්

0
37

Untitled-1-44

තම මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන වෙන්නප්පුව ශා.ජෝශප් විදුහලේ ආදිශිෂ්‍යයෙකු හා පන්නල ජාතික පාසලේද ආදිශිෂ්‍යයෙකු වන ශෙහාන් මදුෂංක මීට සුළු මොහොතකට පෙර ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ ප්‍රථම කඩුළු ත්‍රිත්වය ලබාගැනීමට සමත් වුණා. ඔහුගේ ගොදුරු බවට පත්වූයේ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මොර්ටාසා, රූබල් හුසේන්සහ මහමුදුල්ලා යන ක්‍රීඩකයන් තිදෙනායි. කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට අවශ්‍යම මොහොතේ ශෙහාන් ලබාගත් මෙම කඩුළු ත්‍රිත්වය ශ්‍රී ලංකා කණ්ඩායම කාලයක් තිස්සේ පිපාසයෙන් සිටි අවශ්‍යම තරගාවලි ජයග්‍රහණයක් ගෙනඒමට සමත් වුණා.

ශෙහාන් සිය මංගල එක්දින තරගයේදීම කඩුළු ත්‍රිත්වය ලබාගැනීමද විශේෂත්වයක්.