නිමල් ලංසාව පුම්බන්න නාගරික කොමසාරිස් ගහපු ගැටේ අතේ පත්තුවෙයි ! – පළාත් පාලන කොමසාරිස්වරියත් පිළිගනියි !

0
216

MC meetingමීගමුව නගර  පසුගිය දින කඩි මුඩියේ තිළිණ ප්‍රදාන උත්සවයක් සංවිධානය කර තිබුණ අතර එහි ප්‍රධාන ආරධිතයා ලෙස පළාත් පාලන කොමසාරිස්වරියද පැමිණි සිටින ලදි.
මෙහිදි පළාත් පාලන කොමසාරිස්වරිය සිය කථාවේදි නිමල් ලංසා ගැන  විශේෂ ඇගයිමක් කර තිබුනේ ඔහු මීගමුවේ ඩෙංගු පාලනය ගැන විශාල මෙහෙයක් සිදුකර ඇති බව කියමිනි.CLG
මේ ප්‍රකාශයේ ඇති පාක්ෂික භාවය පිළිබදව අප පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අද විමසිමක් කළෙමු.
මැතිවරණ සමයක නිමල් ලංසාගේ නම පමණක් සදහන් කිරිම මගින් ඇය පාක්ෂිකභාවයක් පෙන්නුම් කර ඇතැයි යන චෝදනාවක් දැන් මතුව ඇතැයි අප ඇයට දන්වා සිටියෙමු.
,වැඩිදුරටත් අප ඇය වෙත කරුණ පැහැදිලි කරමින් දන්වා සිටියේ මීගමුව තුල මතුව ආ ඩෙංගු වසංගත තත්වය හමුවේ මීගමුව සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන රොයිස් විජිත සහ ලලිත් ටෙන්සිල් ඒ වන විටත් ඩෙංගු පාලනය සදහා වැඩපිළිවෙලක් දියත් කර තිබියදි ඒ කිසිවෙකුගේ නම සදහන් නොකරමින් නිමල් ලංසා ගැන කිම මැතිවරණ සමයකදි බරපතල වරදක් බවය.
අපගේ මේ චෝදනාවට පිළිතුරු දෙමින් පළාත් පාලන කොමසාරිස්වරිය  කියා සිටියේ මීගමුවේ නාගරික කොමසාරිස්වරයා තමන් හට නිමල් ලංසා ගැන  කියු නිසා ඇය එසේ පවසා සිටි බවය.
දැන් බළලා මල්ලෙන් එළියට පැන තිබේ.

වෙබ් අඩවියක් විසින්ද වාර්ථා කර ඇති පරිදි පළාත් පලාන කොමසාරිස්වරිය නිමල් ලංසාව අගයා තිබේ.ඇයට දැන් ඉන් පැන යා නොහැකිය.

වෙබ් අඩවියක් විසින්ද වාර්ථා කර ඇති පරිදි පළාත් පලාන කොමසාරිස්වරිය නිමල් ලංසාව අගයා තිබේ.ඇයට දැන් ඉන් පැන යා නොහැකිය.

අප වසර ගණනාවක් තිස්සේ නිරන්තරයෙන්ම හෙළිදරව් කළ පරිදි මීගමුව නාගරික කොමසාරිස් ඇත්තටම සේවය කරන්නේ කාටදැයි යන්න දැන් ඉතා පැහැදිලිය.
අප විසින් ඊයේ දිනයේද හෙළිදරව් කරන ලද පරිදි මහජන නියෝජිතයන් විසින් නාගරික කොමසාරිස්ට එරෙහිව කරන ලද පැමිණිලි වලින් කියා සිටියේද ඔහු මහින්ද රාජපක්ෂලා සහ ලංසලා වෙනුවෙන් පාක්ෂිකව කටයුතු කරන බවය.
පළාත් පාලන කොමසාරිස් වරිය විසින් පිළිගත් පරිදි ඇයට නිමල් ලංසා ගැන  කියා ඇත්තේ නාගරික කොමසාරිස් සුගත්කුමාර බව ඇය අප හා පැවැති දුරකථන සංවාදයේදි පිළිගැනිමත් සමගින් අප මෙතෙක් සුගත් කුමාර නැමැති නාගරික කොමසාරිස්වරයා ගැන කියු සියල්ල යළි යළිත් සත්‍යයක්ම බව ඔප්පු වි හමාරය.
මෙහිදි අපට මතුෙවන තවත් කරුණක් වෙයි .
මෙම උත්සවය ඉතාමත් සුක්ෂම ලෙසින් නිමල් ලංසාට ලකුණු දැමිම සදහා පලාත් පාලන කොමසාරිස්වරියද කැන්දා තැබුවක් නොවන්නේද යන්නයි.
මීගමුව ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය විමට ප්‍රධාන හේතුව වුයේ නාගරික කොමසාරිස් සුගත් කුමාරමය.
ඔහුට අවශ්‍ය වුයේ නගර සභා මුදල් තවතවත් පොට්ටනි ගසා ආදායම වැඩිකර වියදම අඩුකර තමන් පොරක් යැයි කියා පෙන්විමටය.
ගිය වසරේ මීගමුවේ පිටිපන පේරුවෙන් වාර්ථා වු පළමු ඩේංගු මරණය පවා සිදුව ඒ අවට නිවස්වල දුමායන කටයුතු කිරිම සදහා සතියක පමණ කාලයක් ගත වු බව අප විසින් ඒ දිනවලම හෙළිදරව් කර සිටියෙමු.
ඇත්ත වශයෙන්ම ගතහොත් මීගමුවේ ඩෙංගු පාලනය සදහා කිසිදු විධිමත් වැඩපිළිවෙලක් මීගමුව නාගරික කොමසාරිස් හට තිබුනේ නැත.
මීගමුව සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් විසින් ඒ වන විටත් දියත් කර තිබුණ වැඩපිළිවෙලට පවා ප්‍රමාණවත් සහයක් දිමට සුගත් කුමාර කොමසාරිස්වරයා කටයුතු කර තිබුනේ නැත.
ඩෙංගු වලින් මිනිසුන් මිය යන විට ඔස්ට්‍රේලියාවට වි තම පවුල රැකගෙන සිටි නිමල් ලංසා පළාත් ඇමති ඉසුරු දේවප්‍රිය මහතාවද අල්ලාගෙන මිගමුව පැරිෂුට් ආකාරයෙන් පැමිණ මීගමු මහනගර සභාවේ ලක්ෂ 100 ක් වැය කරමින් දුමායන කටයුතු කරන්නට කොමසාරිස්වරයා සමගින් ලංසා පිම්බිමේ සැලසුමට අදාල හවුල් කුමන්ත්‍රණයක් දියත් කර තිබුණි.
මීගමුවේ ඩෙංගු වර්ධනය සහ මර්ධනය ගැන කටුක සත්‍ය වන්නේ මෙයයි.
මෙවන් නාගරික කොමසාරිස්වරායෙකු නගරාධිපති කෙනෙකු මෙන් වැඩකර ඇතැයි පළාත් පළාන කොමසාරිස්වරිය කියන්නේ නම් මීගමුව පිළිබදව ඇගේ දැනුම ගැනද අප දැන් දනිමු.