රැජින මාවතට ආපු ආගන්තුක සුරතලිය ‘ අමෙලී’

0
113

DSCF8019aaaa
රැජින මාවතට ආ ආගන්තුක සුරතලිය ‘ අමෙලී’ ගැන  තිබූ සියලු සැක සාංකා දුරුකරමින් ඇයගේ අයිතිකරුවන් ඊයේ හමුවුණා.අමෙලිව නගර සභාවේ කුණු ගෙනියන ට්‍රැක්ටරයට හැප්පිලා තුවාල වුණේජනවාරි 17 වෙනිදා දවල්.  අසල්වාසී අයගේ පිහිටෙන් එයාට රැකවරණයක් ලැබුණා. ඛේත් ටික,කෑම සියල්ලම  ලැබුණා. අනතුරකුත් වෙලා , තුවාලත් වෙලා නිසා අසල්වාසීන් එයාව ගහක් ලග බැදගෙන ඛෙහෙත් කරලා බලාගත්තේ  හරියට තමන්ගේ දරුවෙක් බලාගන්නවා වාගේ. එහෙම දවස් ගෙවෙද්දී මීපුර වෙබ් අඩවියේ අමෙලි ගේ විස්තරේ දැකලා එයාගේ සැබෑ අයිතකරුවන් අපට පණිවිඩයක් තියලා තිබුණා.  ඒ අයට අපි ෆේස බුක් එකෙන් මෙයාගේ පොටෝ එකක් යැව්වාට පස්සේ තමා අදුරගෙන ‘ මේ ඉන්නේ අපේ බ්‍රවුනි ..මෙයාව අපි සතියක් තිස්සේ හොයනවා  ‘ කියලා පණිවඩයක් තිබ්ඛේ.  අමෙලි  ඊයේ එක්කන් ගියා එයාගේ ගෙදරට. අමෙලිගේ පාදයක් බිදිලා.තවත් ප්‍රතිකාර අවශ්‍යයි. එයා එනකන් බලන් හිටපු පවුලේ අයට පුදුම සතුටක්. ඒ වගේම අමෙලිව බලාගත්ත අයටත් සතුටුයි,වගේම දුකයි.  ඇයට ඉක්මණින් සුවය ලැඛෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරමු.

1
අමෙලි අනතුරට ලක්වූ පසු (17 වෙනිදා)
2
17 වෙනිදා රාත්‍රිය – ඇය ගොඩාක් වේදනාවෙන් හිටියේ
DSCF8016new
18 වෙනිදා ඉදන් 30 වෙනිදා දක්වාම ඇයව රාත්‍රියට මදුරු දැලෙන් වැහැව්වා

viber image