සරත් බිලි දිමේ ලංසාලාගේ කුමන්ත්‍රණය ගැන සුජාතා අවදියෙන්ද ?

0
50
ිsarath G 1

(12.30pm ) රාජපක්ෂ සමයේ සිදුව ඇති බරපතල වංචා දුෂණ 34 ක් පිළිබද පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වෙනිදාට යෙදි ඇත.
මිහින් ලංකා තුල සිදුව ඇති දුෂණ අක්‍රමිකතා සේවිම මින් එකකි.
එයට අදාල ගැසට් පත්‍රයට ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා අත්සන් තැබු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
රාජපක්ෂ සමයේ නියෝජ්‍ය ගුවන්සේවා ආමාත්‍යවරයාව සිටි සරත් ගුණරත්නට මේහිදි වගඋත්තර බැදිමට සිදුවනු නියත බව දේශපාලන විචාරකයෝ කියති.
චමල් රාජපක්ෂ එහි  විෂය පතයේ ඇමතිවරයා විය.
සරත් ගුණරත්න යනු ශ්‍රිලනිපයේ දුෂ්කරම සමයේ එය අතහැර නොගිය .පැවැති භිෂණයට මුහුණ දුන් අයෙකි.
එමෙන්ම හිත හොද දේශපාලකයෙකි.
එහෙත් දැන් ඔහු දැවන්ත දේශපාලන කුමන්ත්‍රණයක අහිංසක බිල්ලක් බවට පත්වි හමාරය.
නිමල් ලංසා පවුල විසින් දැන් අටවා ඇති මේ දේශපාලන කුමන්ත්‍රණයෙන් සරත් ගුණරත්නට ගැලවිමක් නැත.
ගෙදර ගියෝත අඹු නසි.මගහිටියෝත තෝ නසි තත්වයක් දැන් නිර්මාණය වි  තිබේ.
මේ තත්වය ගැන සරත් ගුණරත්නටත් වඩා දන්නේ සුජාතාය.
ඒ ඇය සරත් ගුණරත්න වටේ ඉන්න ඇත්ත චරිත ගැන මෙන්ම දුෂ්ටයන් ගැනද ඉතා හොදින්  දන්නා බැවිනි.
ලංසා පවුල විසින් මේ අටවමින් ඇති කෙමනෙන් ගැලවිම ගැන සරත් ගුණරත්න කල්පනා කරන ප්‍රමාණයට ඔහුගේ දේශපාලන අනාගතය නිදහස් වනු ඇත.
එසේ නැතිනම් ඔහුව දේශපාලනික විශ්‍රාම යැවිමට පමණක් නොව බිලිබෝයි කෙනෙකු කිරිමටත් ලංසාල දැන් කටයුතු කරමින් සිටි.
පසුගිය දිනවල පැවැති පොහොට්ටු රැස්විම් වලදි රොයිස් විජිතට පහර පිට පහර එල්ල කරන්නේ සරත් ගුණරත්නය.එයට ඔහුට භාර දි ඇත්තේ ලංසා විසිනි.
කප්පරක් මඩ වැඩ වලට ලංසා දැන් යොදවා අැත්තේ සරත් ගුණරත්නවය.වටේ දුවන්නේද ඔහුය.ලංසා දුවන්නේ මල්ලි වටේ පමණි.
සරත් දේශපාලනික විශ්‍රාම යැවිමේ ලංසාගේ කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා සරත් පිළේ ප්‍රබලයන් කිපදෙනෙකුම මෙ වන විටත් ක්‍රියාත්මක වෙමින් ඇති බව දැනගන්නට ඇත.අපි බලාසිටිමු.
ඉදිරි දින කිපය තීරාණාත්මකය.
ක්ලෙමන්ට් ප්‍රනාන්දු