වෙන්නප්පුව,හලාවත හා නාත්තණ්ඩියෙන් මැතිවරණ පැමිණිලි 76ක්

0
60

Complaint

වෙන්නප්පුව,හලාවත,නාත්තන්ඩිය  මැතිවරණ බල ප්‍රදේශය තුල මැතිවරණ පැමිණිලි 76ක් ලැබී ඇති ප්‍රදේශයභාර  සහකාර තේරිම්බාර නිළධාරි කාර්යාලය පවසයි.

මෙම අතරින් වැඩිම ප්‍රමාණයක් ලැබි ඇත්තේ භාණ්ඩ බේදාදීම් සම්බන්ධයෙන් බවයි වාර්ථා වන්නේ. ඊට අමතරව මඩ පත්‍රිකා බෙදීම, අපේක්ෂකයන්ගේ නීති විරෝධි කටවුට් පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් හා ගැටුම් සම්බන්ධයෙනුත් පැමිණි ලැබි ඇති බව සහකාර තේරීම් බාර කාර්යාලය පවසන අතර මෙම සියලුම පැමිණි එම ප්‍රදේශයන්හි පොලිස් ස්ථානවලට හා හා පුත්තලම් දිසාව බාර ප්‍රධාන තේරීම්බාර නිළධාරිතුමාට යොමු කරන බව එම කාර්යාලය පැවසීය.

තම කාර්යාලයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අපක්ෂපාතිව හා සාධාරණ ලෙස පරික්ෂණ සිදුකරන බව එම කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

 

චන්දන ප්‍රනාන්දුගේ සටහනක් ඇසුරිණි.