මීගමුවේ පළවෙනි මහසභා රැස්විමේදි අශිලාචාර සත්තු වෙන්නේ කව්දැයි ජනපති අසයි !

0
69

Bribe-for-Passport-Police-Verificationශ්‍රිලනිප සංවිධායකයන් කැදවා පසුගිය දිනක ජනාධිපතිවරයාගේ සැර කථාව නිසා  අතට අත දි හවුල් ආණ්ඩු හදන්න හිතා සිටින මීගමුවේ පොහොට්ටුවේ ප්‍රධානින්  දැන් පත්ව ඇත්තේ බරපතල අර්බුදකයටය.
කේක් කපා කේක් කවා සංදර්ශණ පැවැත්වුවද දැන් ගල උඩ කැත කළ බළලුන්ගේ තත්වයට පත්ව ඇත.
මෙවර මැතිවරණය පවත්වන ලද්දේ කොට්ටාශකට මන්ත්‍රිවරයෙකු තෝරාගැනිම වෙනුවෙනි. එ අර්ථයෙන් ගත කළ මීගමුව මහනගර සභා කොට්ටාශ 29 න් 19 ක්ම දිනා ගනිමින් මීගමුව තුල 3/2 අති විශිෂ්ඨ ජයක් ලබන්නට එජායට හැකිව තිබුණි.එය 70% වද ඉක්මවු තත්වයකි.
මීගමුවේදි පොහොට්ටුවට  හිමි මන්ත්‍රිධුර ගණන 16 කි.නිමල් ලංසා විසින් බිහිකළ ස්වාධින කණ්ඩායම් 2 කක මන්ත්‍රිධුර 2 කද එක්වු පසු 18 කි.
මෙයට අමතර කෙසෙල් ඇවරියෙන් තරග කොට ඡන්ද 22 ක් පමණක් ගත් අපෙක්ෂකයාව කෙසේ හෝ අතිරේක ලයිස්තුවෙන් පත්කරන නිමල් ලංසා විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්ථා වන අතර එහි මිළ ගණන් මිලියන ගණන්වලින් සිදුවිමට නියමිත බවද  සැලය.
රිසාඩ් බදුදින් ඇමතිවරයා විසින් මොණරා ලකුණින් තරග කණ්ඩායමටද එක් මන්ත්‍රිධුරයක් හිමිය.
එජාප ආණ්ඩුවේ ඇමතිධුරයක් දරන බදුදින් මහතාගේ සහය බොහෝ දුරට මීගමුව මහනගර සභාවේ එජාපයට ලැබෙනු ඇත.
ඒ අනුව නියත වශයෙන්ම පොහොට්ටුෙව් මන්ත්‍රි 19 කින් නතර වනු ඇත.
දැනටමත්මත් මන්ත්‍රිධුර 19 කට හිමිකම් කියන එජාපය මේ අනුව ඉතා පහසුවෙන් ශ්‍රිලනිප සහය මත සරල බහුතරයක් සහිත පාලනයක් මාර්තු මාසයේදි ස්ථාපිත කිරිම දැන් කිසිටිකත් වැලකිය නොහැකි තත්වයක් බවට පත්ව තිබේ.
නියෝජ්‍ය නගරාධිපති කම දෙනාවා යැයි කියා ශ්‍රිලනිප යේ ෆරිස් ව ලොකු ගාණක් ලබා දි ගන්නට කලින් සැලසුම් කර තිබුණද ඒ සියළු සැලසුම් ජනාධිපතිවරයා විසින් දැන් අර්බුදයට යවා තිබේ.
එහෙත් පසුගිය දා ජනාධිපතිවරයා  කියා සිටියේ පළමු රැස්විමේදි අශිලාචාර සත්තු වෙන්නේ කව්දැයි ප්‍රශ්ණ කරන බවය.
ඒ ප්‍රකාශයේ බරපතල කම මත මිගමුවේදි ශ්‍රිලනිප මන්ත්‍රින් අශිලාචාර සතුන් ලෙස සලකා මුදලට බාගැනිමට මාන බැලු සියළු කුමන්ත්‍රණ දැන් ලත් තැන ලොප් වෙමින්  තිබේ.
එබැවින් මාර්තු මාසයේ මුල සතියේදි මීගමුව අලුතින් ගොඩනගන සැලැස්ම අනිවාර්යෙන්ම මීගමුවේ බදුගෙවන ජනයා වෙතට ඉදිරිපත් කරනු ඇත්තේ එජාපය විසිනි.