නිමල් ලංසාගේ සන්ධාන ආණ්ඩු සිහිනය හබක් ! පාර්ලිමේන්තුව අද රැස්වෙයි !යහපාලනය දිගටම !

0
48

NImal lansa denguඉදිරි දින කිහිපය ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව නිමල් ලාන්සා  පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා පවසා තිබුණි.
එපමණක් නොව ඔහු ඒ වෙනුවෙන් එහෙ මෙහෙ දුවමින් මහත් වෙහෙසක් ගනිමින් සිටි බවද ඔහුට සමිප ආරංචි මාර්ග හෙළි කර සිටියේය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති  නිමල් සිරිපාල ද සිල්වා  ශ්‍රී ලංකාවේ මීලග  අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත බවද  නිමල ලංසා මන්ත්‍රීවරයා පවසා තිබුණි.
දැන් නිමල් ලංසා ඇතුලු රාජපක්ෂ රෙජිමයේ සැමගේ සිහින හබක් වි ඇත.
පාර්ලිෙමේන්තුව කල් දමා කැබිනට් මණඩලය අහෝසි කොට අගමැතිවරයාව ඉවත් කරන බව නිමල් ලංසා පසුගිය දිනවල සැම තැනකම කියා  තිබුණි.
එපමණක් නොව මීගමු මහනගර සභාව ද සිය සොහොයුරු දයාන් ලංසා නගරාධිපති කොට පිහිටුවන බව කියමින් ගොස්  තිබුනද දැන් ඒ සියල්ල සිහින පමණක්ම වෙමින් තිබේ.