මත්කුඩු විරෝධි රැළිය ගැන පියතුමන්ලා අතර බරපතල මතගැටුමක් ?

0
151

kudu protest 2කාර්දිනල් මැල්කමි හිමිගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 25 වෙනිදා මීගමුවේදි පැවැත්විමට නියමිත මත්කුඩු විරෝධි රැළිය ගැන මීගමුවේ පියතුමන්ලා අතර බරපතල මතගැටුමක් මතුව ඇතැයි වාර්ථා වේ.
මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රැළියේ සංවිධාන කටයුතු සහ අදාල සාකච්ජාවන් සදහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනිම ගැනය.
අප කලින්ද හෙළිදරව් කර පරිදි මේපිළිබදව පැවති මුල්ම සාකච්ජාව සදහා සරත් ගුණරත්න සහ දයාන් ලංසාද එක්ව සිටිම ගැන පියතුමන්ලා අතර මෙසේ බරපතල ගැටුමක් ඇතිව තිබිමට ප්‍රධාන හේතුවක් වි ඇති බව විශ්වාස කටයුතු ලෙසින් වාර්ථා වි තිබේ.
මේ නිසාම මේගැනම ඇතැම් පියතුමන්ලා සිටින්නේ දෙගිඩියාවෙනි.
මේ අතර මේ චතාරික සමයේ මෙවැනි රැළියක් කඩිමුඩියේ සංවිධානය කිරිමට කාර්දිනල්හිමිට යෝජනා කර ඇත්තේ කව්රුන් විසින්ද යන්න ගැනද පියතුමන්ලා අතර දැන් දැඩි කථාබහක් මතුව තිබේන අතර දයාන් ලංසා හා ඉතාමත් කුළුපග ඇසුරක් පවත්වන පියතුමෙකු එරෙහිවද යම් මතයක් මේ වන විටත් ගොඩනැගෙමින් තිබේ.
අතිසුඛෝපහෝගි ජිවිතයක් ගත කරන මේ තරුණ පියතුමා ගැන ඇතමෙකු අදහස් දක්වා තිබුනේ මහත් කළකිරිමෙනි.