මත්කුඩු ජාවාරමට අතහිත නොදෙන පාලනයක් මීගමුවට ! ගරු පියතුමන්ලා වගකීම භාරගනී !

0
58

කාර්දිනල් 1මත් 100පසුගිය 25 වෙනිදා මීගමුවේදි පැවැති මත්කුඩු විරෝධි රැළියත් සමගින් මීගමුව තුල ස්ථාපිත කළ යුතු පළාත් පාලනය ගැනද පුළුල් සංවාදයක් දැන් මිගමුව තුල මතුව තිබේ.
එදා රැළියේදි කාර්දිනල් හිමි ඉතා නිවරදි ලෙසින් පැවසු පරිදි කේරල ගංජා හෝ හෙරොයින් ආදි මත් වර්ග වලට අතහිත දෙන සියල්ල නිතිය ඉදිරියට ගෙන යැමට අදාල බලධාරින් කටයුතු කළ යුතු බවට අවධාරණය කර තිබුණි.
මේ පසුබිම යටතේ මීගමුව තුල එළඹෙන මාර්තු 20 දායින් පසු ස්ථාපිත විය යුත්තේ මත්කුඩු වලින් තොර පාලනයක් නම් ඒ සදහා කාර්දිනල් හිමි ඇතුළු මිගමුවේ පියතුමන්ලාගෙ පැතුම සහ වගකිම ඉතාමත් පැහැදිලිය.
එනම් කිසිදු ආකාරයකින් මත්කුඩු වලට ව්‍යාපාරයන් ගැන ඇගිල්ල දිගුව ඇතිව පාලනයකින් මීගමුව බේරා ගැනිම පැහැර හැරිය නොහිකි වගකිමක් බවට දැන් පත්ව හමාරය..
එබැවින් දැන් කාර්දිනල් හිමි ඇතුළු ගරු පියතුමන්ලාට ඇත්තේ එකම විසදුමකි.එනම් 2011 දි උනවහන්සේලා වඩාත් නිවරදි ආකාරයෙන් තින්දු කළ පරිදි මීගමුවේ පාලනය සුදුස්සන් වෙතට පමණක් භාරදිය යුතුය.මකරා 3
මේ අනුව මීගමුව තුල දුරාචාරය වනචර කම අමනකම් චණ්ඩිකම් වලින් තොර පාලනයක් සදහා වන තින්දුවක් ගත යුතුය.
දශකයකටත් වඩා වැඩි කාලයක් මීගමුව පාලනය කළ රාජපක්ෂ ලංසා හවුල් පාලනය විසින් මීගමුවට සිදුකර ඇති විනාශයට එරෙහිව අද පියතුමන්ලාට පාරට බැස එය බේරාගැනිමට පෙරට එන්නයැයි මීගමුවේ අනිකුත් ආගමික නායකයන් හා එක්ව පෙරමුණ ගන්නටත් සමස්ථ කිතුණු ජනයාගෙන් ඉල්ලා සිටින්නටත් සිදුව තිබේ.
එනම් කාර්දිනල් හිමි ඇතුළු ගරු පියවරුන් සිය විරෝධය ඉතා පැහැදිලිය පැවැති විනාශකාරි පාලනය ගැන නිහඩව සිදුකර හමාරය.දැන් ඇත්තේ මීගමුව අලුතින් ගොඩනගන්නටය.
පසුගිය දශකයකටත් වැඩිකාලයක් තුල චිකාගෝවක් වි ඇති මීගමුව යළිත් පුංචි රෝමයක් කළයුතුව තිබේ.