මංකුලිය ශාන්ත අන්තෝනි පාසැලට කුඩම්මාලග් සැළකිලි ඇයි?

0
39

මීගමුව  -මංකුලිය  ශාන්ත අන්තෝනි  පාසැල   2016  ‍ඩෙංගු වලින්  තොර  හොඳම   පාසැල  ලෙස  සම්මාන  දිනාගෙන  තිබින.  මෙහිදී  සිසුදරුවන්  ,ගුරුවරුන්,  දෙමාපියන්   කරන ලද  කැපවීමේ   ප්‍රතිපලයක්  ලෙස  පාසැලට   හොඳ   නාමය  ලැබින.  නමුත්   අදවනවිට   මීගමු  කලාපයේ   අවම  පහසුකම්වත්  නැති   පාසැල  ලෙසද  නාමකරණයට  පාත්‍රවී  ඇත.

සිසුදරුවන්   160 ක්  පමණ   අධ්‍යාපනය  ලබන  මෙහි  විශේෂ  දරුවන්ගේ  ඒකකයක්ද  ඇත.  මෙම  ඒකකය දරුවන්  15 වකින්   පමණ  සමන්විත  වුවද  අදවනවිට  එහි  සංඛ්‍යාව  7ක් දක්වා  අඩුකරගැනීමට  හැකිවී ඇත. ඒ  ගුරුවරයාගේ  හැකියාව  මත  මෙම  දරුවන්ගෙන්   සමහර  අය   වෙනත්  පංති  වලට  අන්තර්කරණය  කර ගැනීමට  හැකිවීම  නිසයි.  මේ අනුව  මෙම  පාසැල  හොඳ  වීමට  මෙයද  එක්  හේතුවක්  ලෙස  අපි දකිමු.

තත්වය  මෙසේ  වුවද   පාසැලට  විදුහල්පති  ‍වරයෙක්  නැත.  තුන  වසරේ   උගන්වන  ගුරුතුමිය   විදුහල්පතිගේ  භූමිකාවටද  උරදෙයි.  ඇය  දක්ෂ  නිහතමානී   ගුරුතුමියක්  බව  අපි  දනිමු.  නමුත්  මේ  කාර්්‍යන්  දෙකක් බව  වගකිවයුතු  අය  දැනගත යුතුය.   එසේම  මෙම  පාසැලට  එන  ගුරුභවතුන්   වැඩිපිරිස   දුර  පළාත්වලින්  පැමිණි  අයයි.  මේනිසා  මොවුන්   ඕනෑම   මොහොතක   විදුහලට   අහිමිව  යෑමේ  අවධානමක්ද  ඇත.මේ  සියළු  කරුණු  සළකා  බලනවිට  පැහැදිළි  වන්නේ  මීගමු  අධ්‍යාපන  කළාපයේ   ගුරුමාරු ඇතුළු   අනෙකුත්   ගැටළු  රාශියකින්    පාසැලේ  දරුවන්  සහ  දෙමව්පියන්   පීඩාවට  ලක්වන  බවයි.  මේ  අනුව  අපගේ  ඉල්ලීම  වන්නේ  අධ්‍යාපන  අධ්‍යක්ෂ  තුමා  ඇතුළු  වගකිවයුතු  අය  මැදිහත්  වී  මෙම   පාසැලේ   හොඳ නම  රැක ගන්නවා  මෙන්ම   අනෙකුත්  අවශ්‍යතාද  ඉටුකරදීමයි.

ජීවා උමයංගනී – මංකුලිය