සමිඳුගම සිසුවාගේ ඝාතනයට සැකකකරු දැඩි රැකවල් මැද අධිකරණයට

0
123

හලාවත ඉරණවිල සමිඳුගම විසු දසවන වියේ පසුවූ පාසල් සිසුවා සාහසික ලෙසින් ඝාතනය කළ සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට මේ මස 8 වන දින ඉදිරිපත් කරණ ලෙසට ඊයේ ( 5 )දා  පස්වරුවේදී හලාවත අතිරේක විනිසුරු හා මහේස්ත්‍රාත් ඩබ්ලිව් රඛිත පි. අඛෙිසිංහ මහතා නියෝග කළේය.
ජුඩි ලෝරන්ස් ප්‍රනාන්දු (52 ) නමැති මෙම සැකකරු ඉරණවිල සමිඳුගම විසු දස වන වියේ පසුවන ජුවන් පේඩිගේ සුසිත් නිර්මාල් ප්‍රනාන්දු දරුවා පෙබරවාරි මස 25 වන දින බරපතල විකෘති කාම අපයෝජනයක් සිදු කර ඔහුගේ මරණය සිදු කිරිමේ චෝදනාව මත සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයෙහි අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
මුලතිව් පොලිසිය විසින් සැකකරු නායාරූ ධිවර ගමිමානයේ දී අත් අඩංගුවට ගෙන පසුව හලාවත පොලීසිය හමුවට භාර දි තිබුණි.
මිය ගිය දරුයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඇතුඵ නිතිඥවරියන් කිහිප දෙනෙකුම පෙනි සිටියහ.


ඔගස්ටින් ප්‍රනාන්දු -හලාවත