සුහද සේවා සමූපාකාරයටත් බාර් එකක් ?

0
301

liquorstore-1(දෙවන සංස්කරණය )මීගමුව සුහද සේවා සමූපාකාර ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරමින් පවතින බව  සදහන් පුවරුවක්ද වෙයි.
සමූපාකාරයට නවතම ගොඩනැඟිල්ලක් තැනෙන අතර අලුතින් ඉදිවන සමුපාකාර ගොඩනැගිල්ලේ බාර් එකක් ද  විවෘත කිරීමට සුදානම් වන බව එහි අභන්‍යන්තරයෙන් වාර්තා වේ.
සමුපාකාරයේ පරිපාලන අධිකාරිය විසින් මත්පැන් අළෙවිය සඳහා බලපත්‍රයක් ලබාගෙන ගැනිම සදහා තිරණයක් ගැන ඒ සදහා අදාල කටයුතු කරගෙන යමින් ඇතැයි යන ආරංචික් මේ වන විට සමුපාකාර සමාජිකත්වය අතර එහා මෙහා යමින් තිබේ.
කෙසේ වෙතත් සමුපාකාරයේ ඉහල නිළධාරින්ට පෙන්වා ඇත්තේ මිගමුවේ සමුපාකාරය පාඩු ලබන බැවින් මෙසේ මත්පැන් අලෙවි සැලක් ස්ථාපිත කරගැනිමේන් විශාල අදායමක් ලබාගතහැකි බවය
මේ ගැන අප අමතා කථා කළ සමුපාකාර ක්‍රියාකාරියෙකු කියා සිටියේ මේ තර්කයට අනුව මිගමුවේ සමුපාකාර නිළධාරින් ඉදිරියේදි කඩු විකිණිම සදහා පවා සමුපාකාරය යොදා ගතහොත් ඒ ගැනද පුදුම නොවිය යුතු බවය.
කෙසේ වෙතත් මෙය ඇත්තනම් එම  ක්‍රියාව සමූපාකාර පනතට සපුරාම පටහැනි බව සමූපාකාර සාමාජිකයෝ   පෙන්වා දෙති.
මේ ආකාරයට මත්පැන් බලපත්‍රයක්  ලබාගෙන මත්පැන් අළෙවි හලක් පවත්වාගෙන යන්නේ නුවරඑළිය නගරයේ පමණක් බවත් ඒ සඳහා සීත කාලගුණය පදනම් කර ගනිමින් විශේෂ අවසරයක් ලබාදී තිඛෙන බවත් ඔවුන්  පවසති.
තතු මෙසේව තිබියදි මිගමුව සමුපෙට බාර් ලයිසන් කුමටදැයි එහි සාමාජිකයෝ ප්‍රශ්ණ කර  සිටිති.