වාහනයේ පැවරම ලියාපදිංචි තැපැලෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්්‍යාලයට යවන්න.

0
484

මීගමුව නගරයේ සහ නගරය අවට ප්‍රදේශ වල ව්‍යාපාරිකයන් අතර ෆිනෑන්ස් සහ ලීසිං ගනුදෙනු සදහා වඩාත් ප්‍රචලිත ආයතනයක් වූ පීපල්ස් ලීසිං සමාගමේ මීගමු ශාඛාව පසුගියදා සිය 10 වැනි සංවත්සරය සමරනු ලැබීය.

විවිධාකාරයේ සුප්‍රසිද්ධ ලීසිං සහ ෆිනෑන්ස් ආයතන රාශියක් මීගමු ප්‍රදේශය තුල සිය ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන ගියද පීපල්ස් ලීසිං මීගමු ශාඛාව වෙත වැඩි පිරිසක් ආකර්ෂනය වී ඇත්තේ එහි කළමනාකාරීත්වය සතු සුවිශේෂීතාවයන් නිසාය. ඒ නිසා මෙවර මීපුර වෙබ් අඩවියේ ව්‍යාපාරික හමුව විශේෂාංගයෙන් පීපල්ස් ලීසිං මීගමු ශාඛාවේ ෙජ්්‍යෂ්ඨ කළමනාකරු එම්.ජී.ආර්. ප්‍රියංකර මහතා හමුවන්නෙමු.

කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිල්ිබද විශේෂ උපධියක් ලැබු අයෙකි. වසර 05 ක් ඒෂියන් ෆිනෑනස් ආයතනයේද තවත් වසර 02 ක් ආර්පිකෝ ෆිනෑන්ස් ආයතනයේද සේවය කර ඇති ප්‍රියංකර මහතා පීපල්ස් ලීසිං මීගමු ශාඛාව හා සම්බන්ධ වී දැනට වසර 07 ක පමන කාලයක් ඉක්ම ගොස් තිබේ.

 

මීගමුවේ ඇති අනෙකුත් ෆිනෑන්ස් සහ ලීසිං ආයතන සමඟ සන්සන්දනය කිරිමේදී ඔබ කළමනාකාරිත්වය දරණ පීපල්ස් ලීසිං මීගමු ශාඛාව වෙත වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂන වීමට බලපා ඇති සුවිශේෂි හේතු මොනවාද ?

මුලිකම හේතුව තමයි මෙහි සේවය කරන කාර්්‍ය මන්ඩලය ගනුදෙනු කරුවන්ට ලබා දෙන සුහදශිලී සේවාව. ගනුදෙනුකාර භවතුන්ට උපරිම සේවාවක් සලසන්න ඔවුන් සෑම විටම සැදී පැහැදී කටයුතු කරනවා. අනෙක මේ ආයතනය ලංකාවේ හොදම සහ ජනය රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධ ආයතනයක් වීමත් වෙනත් ආයතන සමග සන්සන්දනය කිරිමේදී අප සතු වත්කම් ප්‍රමානය වැඩියි. ඒ නිසා එදා සිට අද දක්වා කාලය තුල උපරිම ජනතා විස්වාශයක් අපේ ආයනය විසින් දිනාගෙන තියෙනවා.

 

වර්තමානයේ මීගමුවේ පවතින ආර්ථීක තත්වයත් ෆිනෑන්ස් සහ ලීසිං ගනුදෙනු සිදු වන ආකාරය පිලිබදව ප්‍රධාන මුල්‍ය සේවා පහසුකම් සපයන ආයතනයක ජේෂ්ඨ කළමාණාකාරවරයෙක් ලෙස ඔබේ අදහස මොකක්ද ?.

මේ වෙද්දී රටේ සමස්ථ ආර්ථීකයේම යම් ආකාරයක කඩා වැටීමක් පවතිනවා. මීගමුවේ ආර්ථීකය තුලත් ඒ කඩාවැටීම මේ වෙද්දීත් දක්නට ලැඛෙනවා. විශේෂයෙන්ම අපේ ආයතනය වැඩි වශයෙන්ම රථ වාහන සහා මුල්‍ය සේවා පහසුකම් සපයන ආයතනයක් නිසා ඒ තත්වය හොඳින්ම අවබෝධ කර ගත හැකියි. විශේෂයෙන්ම රජය ආනයනික රථවාහන සහා අධික බදු පැනවීම හේතුවෙන් රථ වාහන අලෙවිය විශාල ලෙස පහත බැස තියෙනවා.

විශේෂයෙන්ම මෝටර් රථ (කාර් රථ) අලෙවිය සැලකිය යුතු ලෙස පහත බැස තියෙනවා. මේ වන විට ලක්ෂ 20 ට වැඩි මෝටර් රථ වල මිල සැලකිය යුතු ලෙස පහත බැස තියෙනවා. මීගමුව සහ ඒ අවට ප්‍රදේශ වල, ලොරි, ටිපර් , පී්‍රසර් වැනි කර්මාන්ත හා ව්‍යාපාර වලට යොදා ගැනෙන වාහන තමයි වැඩිපුරම පසුගිය කාලය තුල අපේ ආයතනය හරහා අලෙවි කටයුතු කෙරුනේ.

 

වාහනයක් සඳහා ෆිනෑන්ස් හෝ ලීසිං පහසුකම් සපයා ගැනීමට ඔබ ආයතනයට පැමිණෙන අයෙකුට තිබිය යුතු සුදුසුකම් සහ ඔබ ආයතනය විසින් සපයන මුලික උපදෙස් පිලිබඳව කෙටියෙන් පැවසුවහොත් ?.

සමාන්‍යයෙන් ලීසිං පහසුකම් ලබා දෙන්නේ අන් රෙජිස්ටඩ් හෙවත් ලියාපදිංචි නොකල වාහන වලටයි. ඒවාගේම ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්නේ ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් ඉක්ම ගිය වාහන වලටයි. මේ කොයි පහසුකම ලබා දුන්නත් ඒ සේවාව ලබා ගන්න ගනුදෙනුකරුවාගේ මුලික සුසුසුකම වෙන්නේ තමන් මිලදී ගන්න වාහනය සහා ගෙවිය යුතු මාසික වාරිකය ගෙවීමට තමාට ඇති හැකියාව පිලිබව ස්ථීරවශයෙන්ම තමා තුල හො අවබෝධයක් තිබිමයි.

අපේ ආයතනය මෙහිදී විශේෂ සොයා බැලීමක් කරනවා ඔහුගේ ගෙවිමේ හැකියාව පිලිබ. ඔහු රැකියාවක් කරන අයෙකු නම් ඔහුගේ වැටුප සහ වෙනත් ආදායම් මාර්ග ගැන සැලකිලිමත් වෙනවා. එසේම ඔහු ව්‍යාපාරිකයෙක් නම් ඔහු එම ව්‍යාපාර වලින් ලබන ආදායම සහ ඔහු සතු වෙනත් ආදායම් පිලිබදවත් සැලකිලිමත් වෙනවා. බැලූ බැල්මට තමන්ට ගෙවීමට නොහැකි යැයි හැඟි යන අධික මුදල් වාරික මත වාහන මිලදී ගැනීමට අප උපදෙස් දෙන්නේ නැහැ. ඒත් එක්කම ඔහු මීට පෙරත් මෙවැනි ආකාරයේ බැංකු සහ මුල්‍ය ආයතන වලින් ණය ලබා ගෙන තියෙනවානම් ඔහුගේ එම ණය ගෙවීම පිලිබදවද අපි සැලකිලිමත් වෙනවා. මහා බැංකුවේන් ලංකාවේ ඉන්න ඕනෑම පුරවැසියෙක් බැංකු සහ මුල්‍ය ආයතන වලින් ලබා ගත් ණය සහ ඒවායේ ගෙවීම් සිදු කල ආකාරය පිලිබව විස්තර ඕනෑම අවස්ථාවක අපිට සපයා ගත හැකියි. එලෙසම විස්වාසදායි ඇප කරුවන් දෙදෙනෙකු ඔහු ගේ ණය වෙනුවෙන් සහතික විය යුතුයි. සමහර වේලාවට අපි ඇපකරුවන් පිලිබව ඇති අපේ විස්වාශය මත ණය අනුමත කරනවා. ඒවාගේම ණය ඉල්ලූම් කරන අය අපේ ආයතනයේ විස්වාශි ගනුදෙනුකරුවෙක් නම් සමහර අවස්ථාවල ඇපකරුවන් නොමැතිව වුවත් අප ඒ ණය මුදල් අනුමත කරනවා.

කොහොම වුනත් අපි මෙහිදි වාහන වලට ෆිනෑන්ස් හෝ ලීසිං ලබා ගැනීමට පැමිනෙන අයට උපදෙස් දෙන්නේ මේ වාහන වලින් යම් ආදායමක් ලැබුවත් , ඒ අදායමින්ම වාරික ගෙවීමට බලාපොරොත්තුව ඇතිව මිලදී ගන්න එපා කියලයි. අඩුම තරමින් වාරික 03 ක් වත් එක දිගට තමාගේ වෙනත් ආදායමකින් ගෙවීමට හැකියාවක් පවතී නම් පමනක් වාහන මිලදී ගන්න කියලයි අපි උපදෙස් දෙන්නේ. මොකද වාහන පාරේ ගමන් කරන්නේ අවදානමක් ද සහිතයි. සමහර වෙලාවට වාහනය අනතුරකට ලක් වී මාස 03 ක් පමන කාලයක් ගැරෙජ් එකක් තියන්න වුනොත් , ඒ ගැරේජ් එකේ තියෙන කාලයටත් ආදාලව මාසික වාරික ගෙවිය යුතුයි. ඒ නිසා තමන්ගේ ආදායම් තත්වයට ගැලපෙන ආකාරයට බැංකු සහ මුල්‍ය ආයතන වලින් වාහන මිලදී ගැනීම කල යුතුයි කියලයි අපි සෑම විටම උපදෙස් දෙන්නේ.

දැනට ඔබේ අත්දැකීම් අනුව වර්තමානයේදී, වාහන මිලදී ගැනිමේදී සහ අලෙවියේදී මතුවෙන ගැටළු සහගත අවස්ථාවන් මොනවාද ?

ඔපන් පේපර්ස් වාහන මිලදී ගැනීමේදීත් අලෙවියේදීත් ඉතා පරිස්සම් විය යුතුයි. පුද්ගලයෙක් වාහනයක් මිලදී ගත්තාහම ඒක තමන්ගේ නමට ලියාපදිංචි නොකර පැරණි අයිතිකරුවාගේ නමටම තියා ගෙන ඉන්න පෙළඹෙන්නේ නව ලියාපදිංචියකට යම් මුදලක් වැය වෙන නිසයි. අනෙක් කරුණ තමයි සමාජයේ යම් මතයක් තියෙනවා අයිතිකරුවන් ගනන අඩුවෙන තරමට වාහනයක වටිනාකම වැඩියි කියලා. මෙන්න මේ හේතු මත තමයි බොහෝ දෙනෙක් ඕපන් පේපර්ස් පිට වාහන තියාගන්න පුරුදු වෙලා ඉන්නේ. වාහනයක් මිලදී ගෙන ඕපන් පේපර්ස් පිට තියාගෙන ඉන්න කොට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්්‍යාලයේ ලියාපදිංචි අයිතිකරුවා හදිසියේ හරි මිය ගියහොත් ඔහුගේ බිරිට හෝ දරුවන්ට පුළුවන් ඒ වාහනයට උරුමකම් කීමට .ඒ පිලිබඳව පොලිසියේ පැමිණිලි කර අධිකරණයෙන් තීන්දු වුවහොත් ඒ වාහනය මිලදී ගත්තු දෙවැනි අයිතකරුට ඒ සඳහා අයිතියක් නීත්‍යානූකූලව ඔප්පු කර ගැනීමට නොහැකි වෙනවා.

මොකද ඔහු මේ වාහනයේ දෙවැනි අයිතකරු ලෙස නීත්‍යාකනුකූලව ලියාපදිංචි වී නොමැති නිසා. අනෙක කරුණ තමයි තමන්ගේ වාහනයක් වෙනත් අයෙකුට අලෙවිකරලා ඒ පුද්ගලයා තමන්ගේ නමට එය ලියාපදිංචි කර නොගෙන බැරිවේලාවත් ඒ වාහනය යොදා ගෙන යම් අවස්ථාවක හොරමැරකම් මංකොල්ලකෑම් ආදී කටයුතු වලට සම්බන්ධ වී සිටියහොත් , එවැනි අවස්ථාවක වාහනය පිලිබ`ද කරන හෙලිදරව්වේදී හසු වන්නේ වාහනය අයිතිව සිටි පෙර අයිතිකරුවාවයි. ඒ තුල අනවශ්‍ය කරදර සහ වලට පැටලීමටත් විශාල පාඩුවක් සිදු වීමටත් මේ නිසා ඔහුට සිදු විය හැකියි. ඒ නිසා ට යවා එම ලියාපදිංචි කුයිතාන්සිය තමන් ළග සුරැකිව තබා ගත යුතුයි.

පීපල්ස් ලීසිං ආයතනයෙන් ෆිනෑන්ස් , ලිසිං පහසුකම්වලට අමතරව දැනට ලබා දෙන සහ ඉදිරියේදී ලබා දීමට යෝජිත වෙනත් මුල්‍ය සේවා මොනවාද ?.

දැනටම අපි අපේ ගනුදෙනුකරුවන් අතර රථ වාහන රක්ෂන ක්‍රමයක් ආරම්භ කර තියෙනවා.ඊට අමතරව අපි ස්ථාවර තැන්පත් භාර ගැනීම සිදුකරනවා. මාස 03 සිට වසර 05 වන තෙක් එම ස්ථාවර තැන්පතු අපි භාර ගන්නවා. බැංකුවකින් ලබා දෙන පොලියට වඩා වැඩි පොලීයක් අපේ ආයතනය තුලින් ලබා දෙනවා. ඒවාගේම පොරොන්දු නෝට්ටු හෙවත් ප්‍රොමිසර නෝට්ටු නිකුත් කිරීමත් අප ආයතනය හරහා සි්දු කරනවා. ඒවාගේම මේ වසර අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා, අපේ පීපල්ස් ලීසිං ආයතනයත්, අපේ අනෙක් ආයතනය වන පීපල්ස් ලීසිං ෆිනෑන්ස් ආයතයත් සමඟ ඒකාබද්ධව ග්‍රාමීය ප්‍රාදේශිය පදනම් කරගෙන මුල්‍ය සේවාවන් ආරම්භ කරන්න. එම ප්‍රදේශ වල ජනතාව වැඩි වශයෙන් ඉතුරුම් වලට යොමු කිරීමට ඔවුන් ලගටම ගොස් ඒ මුල්‍ය සේවා සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් නිදසුනක් ලෙස ගත්තොත් මීගමුවේ ධීවර ජනතාව අතර මේ ඉතුරුම් ක්‍රමය ප්‍රචලිත කරන්න මීගමුව ලෙල්ලමට වැනි ස්ථාන වලට අපේ ජංගම රථ යවන්න මේ අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා.