මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරපු පොහොට්ටුවට අත උස්සන්න ෆරිස් සුදානම්ද ?

0
289

Faris-MP-පසුගිය දින නුවර දිස්ත්‍රික්කය තුල පැතිර ගිය මුස්ලිම් ජනයාට එරෙහි ව වු ප්‍රචණ්ඩත්වය පිටුපස පොහොට්ටු දේශපාලනයේ යෙදුන පිරිස් සිටින බව අවස්ථා ගණනාවකදිම රජයේ ඇමතිවරුන් විසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේම කියන්නට යෙදුණි.
මේ නිසාම මේ වන විට පොහොට්ටු දේශපාලනය පිළිබදව දැඩි පිළිකුලක් මුස්ලිම් ජන ප්‍රජාව තුල වර්ධනය වෙමින් තිබේ.
තතු එසේ වුවද මීගමුව ශ්‍රිලනිපයෙන් ජයගත් අපෙක්ෂකයෙකු වු ෆරිස් මේ අවස්ථාවෙදි ගනුලබන තිරණය කුමක්ද යන්න මේ වන විට මීගමුවේ සමස්ථ මුස්ලිම් ප්‍රජාව තුල බරපතල අවධානයකට යොමුව තිබේ.
පෙරියමුල්ල යනු මීගමුවේ ප්‍රබලතම ව්‍යපාරික පංතිය පදිංචිව සිටින කොට්ටාශයයි. මේ කොට්ටාශයේ සිටින අතිබහුතරයක් දෙනා අතර ඇත්තේ බරපතල මහින්ද විරෝධයකි.
මේ නිසාම මෙවර පොහොට්ටුවෙන් තරග වැදුන ස්වාධින කණ්ඩායමක් නියෝජනය කරන මුස්ලිම් අපෙක්ෂකයෙකුට එරෙහිව ශ්‍රිලනිපයෙන් තරග වැදුන ෆරිස් ප්‍රමුඛ කණ්ඩායම පෙරියමුල්ලේ ජනතාවට කියා සිටියේ මාළුවාගෙන් ඉල්ලන අපේක්ෂකයා මහින්ද රාජපක්ෂගේ බැවින් කිසිවෙකුත් මාළුවාට ඡන්දය නොදිය යුතු බවය.
මේ අකාරයෙන් ප්‍රබල මහින්ද විරෝධයක් මතින් කොට්ටාශය ජයගත් හිටපු නාගරික ම්න්ත්‍රි ෆරිස් මහතා දැන් නිමල් ලංසාට එකතුවිමට ඇති සුදානමක් ගැන ප්‍රබල කථා බහක් මේ වන විට පොදුවේ මුස්ලිම් සමාජය තුලත් මිගමුව පුරාත් කථාබහට ලක්වෙමින් තිබේ.මේ අකාරයෙන් එල්ලවෙමින් ඇති මුස්ලිම් සමාජයේ විරෝධයට පිටින් ලංසා පවුල හා එක්විමට  ෆරිස් විසින් තින්දු කරනු ලබන්නේ නම් එය පැහැදිලි වම දේශපාලන සිය දිවි නසා ගැනිමක්ම වනු නියතය.