ලිහිසිතෙල් ,භුමිතෙල් සමග බිත්තර පාන් යළි විකුණන්නේ නැතැයි කඩහිමියකුගෙන් පොරොන්දුවක් !

0
40

මංකුලිය ඔයිල් කඩේමීගමුව පිටිපන ලෙල්ලම අසල ලිහිසි තෙල් සහ භුමිතෙල් අලෙවිකරන අතරේම එහි බිත්තර පාන්ද ඇතුළු වෙනත් ආහාර වර්ග අලෙවි කිරිම පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අවස්ථා ගණනාවකදි දැඩි ලෙස අවවාද කොට තිබුණද අදාල ව්‍යාපාරිකයා එය නවතා තිබුනේ නැත.
මේ තතවය පිළිබදව අප විසින්ද අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කරමින් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක විජේසිංහ මහතා කරුණු කියා සිටියද අදාල ව්‍යාපාරිකයාව අවනත කරගැනිමට අපොහොසත්විය.
කෙසේ වෙතත් මිපුර වෙබ් අඩවිය මේ පිළිබදව පසුගිය සතියේද පළකරන ලද පුවතකින් පසු වහාම ක්‍රියාත්මකව ඇති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අද අදාල කඩහිමියාගෙන් පොරොන්දුවක් ලබාගත් බව අප අමතා කියා සිටියේය.