මේ මස අගදි මීගමුවෙන් යන කොමසාරිස්වරයා බාගෙට හදපු නිල නිවසට අද ගෙවැදෙයි ?

0
93

MC NGBමීගමුවේ දේශපාලන අධිකාරිය විසින් පරිපාලන අධිකාරියට  බෝකර ඇති අති භායනක ලෙඩ හේතුකොට ගෙන එහි නිළධාරින්ද දැන් කටයුතු කරන්නේ රජවරුන් ලෙසින්ය.
මේ පිළිබදව අලුත්ම පුවත තවත් අපුරුය.
මීගමුව මහනගර සභාවේ කොමසාරිස්වරයා මේ මස අගදි මාරුවක් ලැබ පොලොන්නරුව ප්‍රදේශයට යාමට නියමිතය.
තතු එසේ වුවද මීගමුව මහනගර සභාවේ බදුගෙවන ජනයාගේ ලක්ෂ 120 ක් පමණ වැය කොට ඉදිකළ නිළනිවසේ වැඩකටයුතු තවමත් නිමවා නොතිබුණද අද පෙරවරුවේ එයට ගෙවැදිම සදහා තෝරාගත් නිළධාරින් පිරිසකට පමණක්  කොමසාරිස්වරයා විසින් ඇරයුම්   කර ඇතැයිද වාර්ථා වේ.
මෑත ඉතිහාසය තුල මිගමුවට පත්ව ආ වැඩියෙන්ම විවේචනයට ලක්වු කොමසාරිස්වරයා වන්නේ ද ඔහුය.
විශේෂයෙන්ම මිගමුවේ ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වි අහිංසක ජිවිත බිලිගනිද්දි දුමායනය ඇතුළු ඩෙංගු මර්ධන වැඩවලට ප්‍රමාණවත් ලෙසින් මුදල් වැය කිරිමට මේ කොමසාරිස්වරයා පියවර නොගැනිම ගැනද බරපතල චෝදනා එල්ලවි තිබුණි.
මීගමුව මහනගර සභාව පිහිටුවිම හෙටට යෙදි තිබේ.