කුණු ඇදිම, මදුරු තෙල් ගැසිම දයාන්ට ! මීගමුව සංවර්ධනය කිරිමේ වගකිම රොයිස්ට !

0
151

Roice NGB 5පවතින්නේ යහපාලන ආණ්ඩුවකි.මීගමුව වැඩි ඡන්ද 30000 කින් ජයගනිමින් මිගමුව තුල ස්ථාපිත කර ඇත්තේ ඒ පාලනයයි.එකි පාලනය විසින් නගර සංවර්ධනය කිරිම අරභයා පිහිටවු  ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වන්නේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දුය.එහි සම සභාපතිවරයා වන්නේ ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල්ය.
එහි ලේකම් වන්නේ මීගමුව ප්‍රාදේශිය ලේකම් අලවත්ත මහතායි.
මීගමුවේ සියළු සංවර්ධන කටයුතු පිළිබදව තින්දු ගැනිම පිළිබදව රජයේ ප්‍රධාන වගකිම ක්‍රියාත්මක කරනු ලබන එකම නිළ යාන්ත්‍රණය වන්නේ මේ කමිටුවයි.
එ් අනුව මීගමුව නගරයේ සංවර්ධන කටයුතු පිළිබදව මුළික වගකිම දරනු ලබන්නේ රොයිස් විජිත විසිනි.
මේ අතර අලල්ස් මගින් ජනවරම විකෘති කොට මුදල් බලයෙන් බලයට පැමිණි පොහොට්ටුවේ නගරාධිපති දායන් ලංසාට පැවරි ඇත්තේ මුලික වශයෙන්ම නගරයේ කුණු ඇදිම මදුරු තෙල් ගැසිම කාණු පිරිසිදු කිරිම ආදි ප්‍රධාන කාරණාවන්ය.
මේ නිසාම ඉදිරියේදි මීගමුව නගරයේ සංවර්ධනය කටයුතු පිළිබද රාජ්‍ය නියෝජිත්වය දරන සමසභාපතිවරුන් වෙත රජයේ සියළු සංවර්ධන කටයුතු පිළිබද ප්‍රතිපාදන පාලනය කිරිමේ වගකිමද පැවරි තිබේ.
මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන් දියුණු වන නගරයයි.එය හෙටට ගැලපෙන නගරයක් සේ සංවර්ධනය කිරිමේ වගකිම දැන් පැවරි ඇත්තේ මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් හටය.