නිම නොවූ සිහින රැසක් අප හමුවේ තියාගෙන විශ්වාසබංගයට සහය දීමේ හැකියාවක් නෑ – ප්‍රෙඩී ගමගේ

0
82

FG“ඝාතනයට ලක් වෙච්ච මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පොරොන්දු ගණනාවක් අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් අපිට ලබා දුන්නා. නමුත් අපි කව්රුත් දන්නවා මේ වෙනකොට ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 44 දෙනාගෙන් සිංහල මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ පමණයි පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. කිසිඳු දෙමළ මාධ්‍යවේදියකුගේ පරීක්ෂණ ආරම්භ වෙලාවත් නෑ. ඒ නිසා මේ රජයට කෙරෙහි බරපතළ විවේචනයක් මාධ්‍යවේදීන් වශයෙන් අපිට තියෙනවා.

නමුත් අපි විශ්වාස කරනවා මාධ්‍ය නිදහස ස්ථාපිත කරමින් තොරතුරු දැනගැනීමේ පනත වැනි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ප්‍රතිසංස්කරණ රැසක් මේ වනකොට රට තුල ස්ථාපිත වෙලා තියෙනවා. නමුත් තවත් අපි නිදහසේ වේදිකාව හැටියට අපි පෙනී සිටපු ප්‍රතිසංස්කරණ ගණනාවක්ම දිනාගත යුතුව තිබෙනවා.

ඒ නිසා මේ විශ්වාසබංගය හරහා අගමැතිවරයාවත්, රජයත් පෙරලා දැමීමට රාජපක්ෂ රෙජීමය ගන්නා උත්සාහය කොන්දේසි විරහිතව පරාජය කල යුතුව තිබෙනවා. ඒ නිම නොවුණු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ රැසක් අප හමුවේ තිබෙන නිසා.” බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම් කරු ප්‍රෙඩී ගමගේ ප්‍රකාශ කරයි.

ඒ කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එය ඊයේ (29) “නිදහසේ වේදිකාව” විසින් සංවිධානය කර තිබුණි.

ඔහු එහිදී පැවසු තවත් අදහස් පහතින්…

www.aithiya.lk