“ආණ්ඩුව ණය ගන්නේ ලංකාවේ ණය දෙන සමිති වලින් කියල හිතුවද?” – බ්‍රිටෝ ප්‍රනාන්දු

0
67

Brito F

“රජය පවා ණය ආධාර ගන්න තරමක් ගන්නේ බටහිර තානාපති කාර්යාල හරහා පිටරට සංවිධාන වලින් නැතුව ලංකාවේ ණය දෙන සමිති වලින් කියල හිතුවද?. අපි සිවිල් සංවිධාන විදියට අපේ ව්‍යාපෘති වලට පිටරට සංවිධාන වලින් මුදල් ගන්නවා අපි එක කියන්න ලජ්ජා වෙන්නේ නෑ. මොකද ඒවා නියාමනය වීමේ විධික්‍රමයක් හදල තියෙනවා. අපේ විගණන වාර්ථා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ප්‍රශ්න කරන්න රජයට බලය තියෙනවා”

“නමුත්, ආණ්ඩුව මහජනයාට විරුද්ධව යනවනම්, මාධ්‍යවේදී ඝාතනය කරලා මාධ්‍ය ආයතන කීයක් ගිණි තිබ්බද? ආණ්ඩු එහෙම කරනවනම් ආණ්ඩු පෙරලන්නැතුව තියා ගන්නද? එක සිවිල් සමාජයේ කාර්යභාරය. එක හොර රහසේ ආයුධ අරන් කරන දෙයක් නෙමේ. අපි පාරවල් වලට ඇවිල්ල මිනිස්සුන්ට කියලයි ආණ්ඩු පෙරලන්නේ”

“රටේ සධාචාරාත්මකව මනුෂ්‍ය නීතිය වෙනස් වෙන්නේ නැත්තන් සිවිල් සංවිධාන වලට පමණක් නෙමේ පුද්ගලයෝ වශයෙනුත් විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා, ඡන්දෙකදී අපි කරන්නෙත් ඒ විරුද්ධ වීම, එක අයිතියක් අපි ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.” යැයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ පසුගිය 28 වනදා මර්ධනකාරී සිවිල් සංවිධාන පනතට එරෙහිව සිවිල් සංවිධාන විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්න වලට මුහුණ දෙමිණි.

මාධ්‍යවීදියා එහිදී විමසා සිටියේ සිවිල් සංවිධාන බටහිර තානාපති කාර්යාල හරහා මුදල් ගනිමින් ආණ්ඩු පෙරලීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා කරන බවයි.

එම වීඩියෝව පහතින්…