රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන මෛත්‍රිගේ ප්‍රජාතන්ත්‍රවාදය……???

0
95

maithri Gඅගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංයේදි අගැමතිවරයාව පරාජය කරනු යැයි කියමින් මෛත්‍රි විරෝධතාවයකට මුල පුරා ඇත.
මෛත්‍රිට රනිල් ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙන්නට ගියද මෛත්‍රිගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පසුගිය දිනවලදි රටපුරා පැවති පළාත් පාලන මැතිවරණයේදි ඇස්පනා පිටම ඔප්පුවිය. මෙහි වඩාත් හාස්‍ය ජනක පුවත වාර්ථා වන්නේ මිගමුවෙනි..
තතු මෙසේව තිබියදි මෛත්‍රි ගුණරත්න අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව කොළඹට ඒම සදහා අද දිනයේ නුවරින් පෙළපාලියක්ද ආරම්භ කොට තිබුණි.
මෛත්‍රිගේ ප්‍රජාතන්ත්‍රවාදි සළු පිළි ගැලවි ගිය අපුරු සිදුවිමක් මිගමුවෙන් වාර්ථා වේ.
මීගමුවට කෙසෙල් ඇවරි පක්ෂයද තරග කලේය. එහි සිටි වෙනත් පක්ෂවලින් කැපුණු අපෙක්ෂකයන් පිරිසක් යම් ඡන්ද සංඛාවක්ද ගත් නිසා යන්තම් මන්ත්‍රිධුරයක්ද හිමිවිය .
මේ එක් අයෙකු ඡන්ද 800 ක් ලබාගෙන තිබුණද මෛත්‍රිගේ ජනසම්මතවාදය විසින් මන්ත්‍රිධුරය ලබාදි තිබනේ ඡන්ද 19 ක් පමණක් ගත් අයෙකු සදහාය.
ඒ ගණුදෙනුව එසේ වුයේ ඇයිදැයි යන්න ගැන හොදින්ම දන්නේ නිමල් ලංසා සහ මෛත්‍රි ගුණරත්නය.
දෛවයේ සරදම වන්නේ මෛත්‍රි ගුණරත්නගේ මුහුණු පොතේ ඇති ඡයාරුපයේ ඇත්තේ ලංකාවේ වංචාවට දුෂණයට එරෙහිව යන්නයි..
දැන් රනිල්ට එරෙහිව කොළඹට පාගමන් එන්න යන්නේ මේ මෛත්‍රිමය.