අපෙන් සමුගත් ගුණසෝම සොයුර !

0
42

DSC_0023හදිසියේ   අපෙන්  සමුගත්  ආදරණීය  ගුණේ   සොයුරාට  අපේ   හදපිරි   ශෝකය  මෙසේ  ප්‍රකාශ  කර  සිටිමු.

අප සමඟ එකට හිඳ
අප අතැර  ගිය  මිතුර
කඳුලක්  උනයි   නෙතට
හැඟීමක්  දැනේ සිතට..

අමතක  නොවේ  අපට
තැන කොතැන වුව  සිට
පැන  මැදට  අවැසි තැන
ගැටළු ලිහනට  දරණ තැත…..

ජීවිතය  ජීවත් කළ  සටන
සමඟ   ගෙනගියා  පොදු  සටන
මරණයට  එරෙහි  සටන
පැරදුනේ  ඇයි?
පිය  සබඳ
එදා  අප එකට ගිය  ගමන
සදා අමතක  නොවේ  අප හට
බෙදා  ගත්තද දර්ශන  මත  සියල
බදා ගත්  සොයුරු  පෙම
මකාලිය  නොහේ  කිසිවිට
සදාදරණීය  සොහොයුර !


සැම්සන් ඥානසිරි