දෙහිමල්වත්තේ අනතුරුදායක කාණුව….

0
55

DSC_0075

මීගමුවේ  දෙහිමල්වත්ත   මේවනවිට  ජනාකීර්ණ  ප්‍රදේශයකි .  මෙහි   නිවාස  තනා  ඇත්තේ  විශාල  කානුවක්  අසලය.  මෙම  තත්වය  නිසා   ප්‍රදේශවාසීන්   දැඩි  අවධානමකින්  කාලය  ගෙවන බව   ඔවුන්  දක්වන  අදහස්  වලින්  පැහැදිළිවේ. නිතර  කුඩාළමයි   මේ  කානුවට  ඇදවැටෙන බවත්,  පසුගිය  වසරේදී  එක්  පුද්ගලයෙකු  මෙහි  වැටී  මියගිය  බවත්  ඔවුන්  සදහන්  කරයි.
මේ පිළිබද  අදහස්  දැක්වූ   ස්වර්ණා  මල්ලිකා( අවු. 60)  අදහස්  දැක්වූයේ  මෙසේය.

 ‘මෙතන  අනතුරුදායක  තැනක්   පොඩි ළමයි  නිතර  කානුවට  වැටෙනවා.  සමහර  වෙලාවට  යනඑන  බයිසිකල්  කාරයො,  ත්‍රිවිල්  කාරයොත්  වැටෙනවා.  පහුගිය  වසරෙ  මුලදි  එක්නකනෙක්   මේකෙ  වැටිල  මැරුණ. අපිට  තේරෙන්නෙ  නෑ  මොනවද  කරන්න  ඕනෙ  කියල.’

සෙරුනි  මධුවන්ති  (අවු. 25) මෙසේ  පවසයි.

‘මෙතන  පවුල්  50ක්  විතර  ඉන්නවා. පොඩි ළමයි  වැටෙන නිසා  තමයි  බය.  මොකක්හරි  වැටක්  හදනව නම්  හොදයි.’

ප්‍රදේශයේ  සිටින  ජනතාවගෙන්  විශාල  පිරිසක්   තමන්  ඉන්න තැන  ගැන  නිසි  අවබෝධයකින්  කටයුතු  නොකරන  නිසා    මෙහි  ප්‍රශ්ණ  විශාල  ප්‍රමාණයක්  මතුවී  ඇතිබව  පෙනේ. අපද්‍රව්‍ය  බැහැර  කරන්නේ ද  මෙම  කානුවටය. නමුත්  මෙහි  පාර  සහ  කානුව  ගැන  අවධානය  නොදුනහොත්   ප්‍රශ්ණ  ගනනාවකට  මුහුණදීමට   සිදුවන  බව  කිවයුතුය.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????