මාර්ග නීති කඩන මහත්තුරු ?

0
104

.DSC_0026මේ  දිනවල  අවුරුදු  උත්සව  සමය  බැවින්   මීගමු  නගරය  තුළ  ඇත්තේ  කළබල  කාරී  පරිසරයකි.  සෑම  තැනම  දක්නට  ඇති  වාහන  නිසා  පාරේ  යන එන  අයද  අපහසුතාවයට  පත්වන  බව  පැහැදිළිය.  අද (11දා)මන්ත්‍රි  රෙදි  සාප්පුව  ඉදිරි පිට නතර  කළ  වාහනයක්  ඉවත්  කරන  ලෙස  පොලීසිය  දැනුම්  දුන්නද  ඒ  ගැන     වාහන  අයිතිකරු  නොතකා  සිටි අතර  මෙහිදී  පොලීසිය  සමග   බහින් බස්  වීමක්ද  සිදුවිය. එමෙන්ම  මොහු මීගමුවේ ඔරියන්ට් නැමැති  ව්‍යාපාරික  ආයතනයේ   හිමිකරු  බවද  ආරංචිවේ. PA  -9077 දරණ  මෙම  වාහනය  අයිති කරු  නැවත  පදවාගෙන  ගොස්  වෙනත්  එවැනිම  වූ  තැනක   නවතාලනු  පෙනින. කෙසේ  නමුත්  නගරයේ  පොලීසියට  හෝ  නීතියට  අවනත  නොවන්නේ  මුදලින් හිස උදුම්මා ගත්  මෙවැනි  පුද්ගලයන් පමණි.

ජනතාවගේ   අපහසුතාවයන්  නොතකා  සමහර නීතියට අනුගත නොවන මෙැවනි  අය  මේ  දිනවලදී  කරන  මේ  සෙල්ලම  නතර  කිරීම  උදෙසා  නිසි  පිළියම්    යොදන  ලෙස  අපි  පොලීසියෙන්  ඉල්ලා  සිටිමු.