කාරක සභා රැස්විම් ශාලාව මන්ත්‍රි සභිකයන්ට අහිමි කළේ ඇයි ?

0
124

imagesසංස්කෘතික,තරුණ හා ක්‍රිඩා කටයුතු පිළිබද කාරක සභා රැස්විම පැවැත්විමට වෙන්ව තිබුණ රැස්විම් ශාලාව  පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාංසාගේ රැස්විමක් සදහා ලබාදි තිබිම පිළිබදව එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා විසින් නාගරික ලේකම්වරියගෙන් ප්‍රශ්ණ කොට තිබුණි.
ඇය එහිදි පවසා තිබුනේ නිමල් ලංසා ඇමතිවරයාගේ රැස්විමකට ඉඩලබාදිමට සිදුවිම නිසා කාරක සභා රැස්විම අද වෙනත් ස්ථානයක කිරිමට සිදුව ඇති බවය.
මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියට අදහස් දක්වා සිටි මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මිගමුව මහනගර සභාවේ ඇතැම් උසස් නිළ දරන අයවලුන් නිමල් ලංසා දැන් ඇමතිවරයෙකු නොවන බව දන්නේවත් නැති බවය.
එහෙව් උසස් නිළධාරින් සිටින නගරයක බදුගෙවන ජනයාට දෙවියන්ගේම පිහිට බවද ඔහු කියා සිටියේය.