මැයි 08 ට කලින් මීගමුවේ අනවසර ඉදිකිරිම් ඉවතට !

0
100

අනවසර-ඉදිකිරිම්-(11.00pm ) මීගමුව වෙරළ තීරුවේ ඉදිකර ඇති  අනවසර හෝටල් හා වෙනත් ඉදිකිරීම් ඉවත්කිරීම පිළිබඳව   යහපාලන රජය බලයට පත්වූ   මුල්වසර තුළදී ම මීගමුව සම්බන්ධීකරණ කමිටුවේ  අවධානයට ගනිමින් මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම  සඳහා පියවර ගැනීම ආරම්භ කරන ලදී.
එහෙත් විවිධ හේතු කියමින් මේ කටයුත්ත කල්යාම සාමාන්‍ය දෙයක්ව පැවැතිණි..එහෙත් පසුගිය දිනක වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු මාධ්‍ය වෙත දන්වා තිබුනේ ලංකාවේ ප්‍රධාන වෙරළ තිරයන්ගේ අනවසර ඉදිකිරිම් ගණනාවක් ඉදිරියේදි ඉවත් කිරිමට නියමිත බවය.
ඔහුට අනුව මිගමුවේදි මෙවැනි අනවසර ඉදිකිරිම් 12 ක් ඉවත් කිරිමට  කටයුතු කිරිමට නියමිතය.
මේ බොහොමයක් අනවසර ඉදිකිරිම් පසුගිය කාලය තුල මීගමුව විනාශයට පත්කළ එක්තරා දේශපාලන පවුලක සහ ඔවුන් සම්බන්ධ රජයේ නිලධාරින්ගේද අනුග්‍රහය මතින් ඉදිකරනු ලැබු ඒවා බව මුළු මිගමුවට ප්‍රසිද්ධ රහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here