(7.55pm)ඉවතලන ප්ලාස්ටික් බෝතල් තුළින් නිර්මාණය කරනලද පහන් කූඩුවක් මීගමුව මහජනපුස්තකාලය ඉදිරිපිට සූදානම් කරමින් සිටියදී එහි පුස්තකාලාධිපතිතුමිය සමග මෙම නිර්මාණය ගැන කතාබහ කරන්නට හැකිවිය. ඉහතකී නිර්මාණ සහ මෙවර තේමාව කරගෙන ඇත්තේද “ ඉවතලන ද්‍රව්‍ය තුළින් වෙසක් අසිරිය නරඹමු,, යනුවෙනි.
ඇයි මේවගේ දෙයක් කරන්නට පෙළඹුනේ?
මම සාමාන්‍යයෙන් වෙනස් විදිහට හිතන්න කැමතියි. මේවගේ දෙයක් එකතුවෙල කරනකොට හැංගිල තියෙන අදහස් එළයට එනව. ඒ වගේම සාමුහික බවක් ගොඩනැගෙනවා. තරුණළමයි, වැඩිහිටි අය යන සියළු දෙනාගේ එකතුවෙන් කරන මේ දේවල් වටින දේවල් හැටියටයි මම දකින්නෙ.