සංදර්ශනාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සහ මහජන සෞඛ්‍යය අනතුරේ දැමීම ???

0
140
new dengiමේ දිනවල මීගමුව නගර සභාව පැත්තෙන් ඇසෙන්නේ  මල්වෙඩි, සංදර්ශන  වලට සුදානම්වීමේ තොරතුරුය.  ඩෙංගු වසංගතය තිඛෙන කාලයේදී ද මේ ආකාරයට ධූමායනයක් සිදුනොවුන අතර දැන් දිනපතා ඩෙංගු සදහා ධුමායනය කිරීමට මීගමුව නගර සභාවේ තීරණයක්  අනුව ක්‍රියාත්මක වේ.
නගරය හෙට ගැලපෙන ලෙසින් සංවිධානය කිරිම සංවිධානය කිරිම එකකි.මාධ්‍ය සංදර්ශන හරහා පවුලක් උඩදැමිම තව එකකි.
අද මිගමුව තුල සිදුවනුයේ මහජන මුදල් යොදා කරන වැඩ අතරේ ඉතා පැහැදිලි ලෙස පවුලක දේශපාලන අනාගතය නඩත්තු කිරිම වෙනුවෙන් කටයුතු කිරිමකි.
මේ ගැන මීගමුවේ බුද්ධිමත් ජනයා වඩාත් විමසිලිමත් විය යුත්තේ මේ සංදර්ශණ නිසා දෑස් නිලංකාර කරගත් ඇතමුන් දැනටමත් මේ වැඩපිළිවෙලට ආවඩන්නට පටන් ගෙන ඇති හෙයිනි.
ඩෙංගු මර්ධනය ජනප්‍රිය විම සදහා නොව විද්‍යාත්මක මැදිහත්විමක් තුල සැලැසුම්ගතව සංවිධානය කර ගත යුතුව තිබේ.
මේ අනුව දැනට මිගමුව තුල ක්‍රියාත්මක කිරිමට පටන් ගෙන ඇති වැඩපිළිවෙල ජාතික ඩෙංගු මර්ධන වැඩපිළිවෙල හා කොතරම් සම්බන්ධද යන්න ගැනද දැන් ගැටළු මතුවෙමින් තිබේ.
මේ සංදර්ශණයේ මේ වන විට ප්‍රධාන අරමුණ වි ඇත්තේ හතර අතේ දුමානයන කිරිමය.
මෙම දුමායනය සදහා විශාල මුදලක් වැය වන අතර එයින් දීර්ඝකාලීන ප්‍රතිපළයක් නොලැඛෙන්නේ නම් එවිට සිදුවන්නේ මහජන මුදල් අපතේ යැවීමකි.
පසුගියදා සීදුව නගර සභාවේදී ඩෙංගු මර්ධනය කිරීමට වඩාත්ම සුදුසු ශ්‍රමදානය බවත් ධූමායනය    නොවන බවට එකගතාවයකට පැමිණ තිබුණි.
එමෙන්ම   සීදූව  නගරසභා  රැස්වීමේ  දීද  මේ  පිළිබදව  අදහස්  ඉදිරිපත්වූ  අතර  මෙය  විශාල  වියදමක්  යනවා  සේම  වෙනත්  සතුන්ටත්  මිනිසුන්ටත්  අහිතකර  බව  ඔවුන්ගෙන්  ප්‍රකාශ  විය.
අප විසින්  සීදූව  නගරසභාවේ  නගරාධිපති  සරත්  පීරිස්  මහතාගෙන්  මේ සම්බන්ධව  විමසූ  අවස්ථාවේ  ඔහු කියා සිටියේ  තමන්  ගෙවල්  වලට  ගොස්  දැනුවත්  කරන  බවත්,  ධුමායනය  වැනි  ක්‍රම  යොදා ගනීමට  වැඩි  පෙළබුමක්  නැති  බවත්ය.