වෛද්‍යවරයා වැරැද්ද පිළිගනී..??

0
76

අපගේ වෙබ් අඩවිය විසින් පසුගිය දින කිපය තුල විශේෂ හෙළිරව්වක් සිදුකළෙමු.

එනම් රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  මීගමුව කලාපයේ හිටපු නායකයෙක් වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා විසින් පවත්වාගෙන ගිය ආරෝග්‍ය මෙඩිකල් සෙන්ටර් නම්වු පුද්ගලික බෙහෙත් ශාලාව  රජයේ ලියාපදිංචි නැති වෛද්‍යවරයෙකු හට භාර දි තිබිමයි.

සුදර්ශන බලාගේ නම් ඔහු  ඉන්දක එස්. බාලසුරිය යන නමක් යොදා ගනිමින් ව්‍යාජ ලියාපදිංචි අංකයක්ද භාවිතා කරමින් මෙම ස්ථානයේ දැනට වසර 2 කකට ආසන්න කාලයක්  ප්‍රතිකාර කරමින් සිටියේය. ඔහු නිදහස් වෙළද කලාප තරුණියක් ඝාතනය කිරිම පිළිබද සැකකරුෙවක් ද වෙයි.

වෛද්‍ය  පනාවැන්න මහතා විසින් දැනට වසර කිපයක සිට සිදු කරමින් සිටි මේ වෘත්තිය විරෝධි,සදාචාර විරෝධි ක්‍රියාව පිළිබදව විශේෂ හෙළිදරව්වක් පසුගිය දිනවල අපගේ වෙබ් අඩවිය මගින් සිදු කළෙමු.

පසුගිය සිකුරාදා මීගමුව රෝහලේදි පැවැති විශේෂ හමුවකදි වෛද්‍ය පානැවන්න මහතා විසින් මේ සිදුකරමින් තිබෙන නිතිවිරෝධි කටයුත්ත  සාකච්ජා කර ඇති අතර එකි ක්‍රියාවේ ඇති  නිතිවිරෝධි බව එතනට රැස්ව සිටි මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින් අවධාරණය කර ඇත.

මෙහි ප්‍රථිපලයක් ලෙසින් දෝ දැන් ආරෝග්‍ය මෙඩිකල් සෙන්ටර් හි අර පරණ වෛද්‍යවරයා නැත. සුදර්ශන බාලගේ එම ස්ථානයෙන් ඉවත් ව ගොස් ඇතැයි වාර්ථා වේ.

මීපුර වෙබ් අඩිවිය විසින් මේ හෙළිදරව්ව කරන තුරු මේ කිසිවෙක් මේ ගැන ඇත්තටම දැන නොසිටියාද????