විදුලි රැහැන් මත ගස්වල අතු පාත්වීම

0
97

6
මීගමුව මහ නගර සභාවට අයත් ප්‍රදෙස් වල මං මාවත් දෙපස ගස් වල අතු මාර්ගයේ ඇති විදුලි රැහැන් මතට කඩා වැටීමට ඉඩ ඇත මේ හේතුවෙන් ජීවිත හානි මෙන්ම දේපළ හානිද සිදුවිය හැක. මෙම ගස්වල කොලද කාණු වලට පතිත වීමෙන්  කාණු අවහිරවීම් සිදුවේ. මිගමුව මහ නගර සභාවේ ගිණි නිවන ඒකකයේ. විදුලි සහ ටෙලිකොම් ආයතනයේ සහයත්  ගස් කැපීමේදී ලබා ගන්නේ නම් දේපළ හානි අවම කළ හැකිවනු ඇත.
මෙහිදී අප නිරීක්ෂණයට ලක්වූ දසුනක් නම් පසුගිය දිනක කුඩා අතු කපා ඉවත් කළ ද දුරකථන රැහැන්  වලට ගෑවී තිබූ  අතු කපා  ඉවත්කර  නොතිබීමයි. යම් හෙයකින් රැහැන් වලට ගෑවී තිඛෙන අතු කඩා වැටී හානි සිදුවූයේ නම් වන්දි අයකරන්නේ ගස් හිමිකරුවන්ගෙන් ද  යන ගැටළුව ද මතුවේ.5


එම්.එස්.එස් මුනිර්