සුදර්ශණි තවමත් ඉගෙන නොගත් සැබෑ දේශපාලන පාඩම ?

0
205

sudarshani(6.45 am ) ප්‍රනාන්දුපුල්ලේ පරපුර ජාතික දේශපාලනයේ හිණිපෙත්තම නගමින් සිටින මොහොතක ඒ ගමන නවතා ලිමට කිසියම් බලවේගයක්  විසින් දේශපාලනික තින්දුවක් ගෙන තිබුණි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රනාන්දුපුලේලේ යන දේශපාලන චරිතය ස්ථාවර විම ඇතමෙකුගේ දේශපාලන සැලැස්මට බාධාවක්ව පැවැති මොහොතක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ලක්වේ.
එය ඉතා පැහැදිලිව දේශාපලනික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් එක්තරා බලවේගයක් විසින් සිදුකරන්නට යෙදුණ ඝාතනයක් බව  තේරුම්ගැනිමට දේශාපාලනය ගැන සරල අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගැනිම පහසු සරල එකකි.
මේ පවුල් බලවේගයේ දේශපාලනය වෙනුවෙන් එදා ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේ මහතා සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවිය.
සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඒ හිඩැස පුරවන්නට එන්නේ ඉන්පසුවය.
එහෙත් ඇයටද මුහුණ දිමට සිදුවන්නේ සිය සැමියා මුහුණ දුන් දේශපාලන යථාර්ථයටමය.
2015 පාර්ලිෙම්න්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කය තුල සුදර්ශණිට එරෙහිව ක්‍රියාත්මක වු බලවේගය ඇය පරාජය කිරිම සදහා සැලැසුම් රාශියක් ක්‍රියාත්මක කරමින් සිටියේය.
රාජපක්ෂ පුරපුර වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ වගකිම භාරගෙන කටයුතු කළ කිපදෙනෙකුම විය.
නිමල් ලංසා සහ ප්‍රසන්න රණතුංග යනු මේ අය අතර වු ප්‍රධාන චරිතය.
පසුගිය මාසයේදි නියෝජ්‍ය කථානායකධුරය සදහා සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත්විම තිරාණාත්මක ලෙසින් පරාජය කරනු ලබන්නේ ලබන්නේද ගම්පහ දිස්ත්‍රික්ක දේශපාලන බලවේගයන්ගේ සැලැස්මකට අනුවමය.
මේය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරිය විසින්ද වරක් සදහන් කර තිබුණද මේ දේශපාලන පාඩම ඇය තවමත් ඉගෙන ඇතිදැයි යන්න සැක සහිතය.
යහපාලනයට සිග්නල් දමා දැන් යමපාලනයට හරවා ඇති සුදර්ශණි දැන් ගැලවිමක් නැත.
දේශපාලනයේදි ජාතික වශයෙන්ම මෙන්ම දිස්ත්‍රික්කය තුලද දැන් ඇයට එරෙහිව බලවේග පෙළගැස්වි හමාරය.
එහෙත් පෙරළුන පිට හොදයි කිම ඇරෙන්නට ඇයට දැන් විකල්පයක්ද නැත.
ඇය එදිරියේ සදාතනික් බාධාවක් ලෙස  දැන් රාජපක්ෂලා පමණක් නොව  රණතුංගලාද සිටගෙන ගනිමින් මගඅහුරා ඇත.