ඉවරයක් නැති හැදිල්ලක් !

0
69

NGB hospital new buildig

(12.30 pm ) පසුගිය මැයි  (17දා) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රෝහල් කමිටු ජේ්්‍ය්‍ෂඨ උප සභාපති ජීවක පෙරේරා මහතා රෝහලේ වැඩකටයුතු මන්දගාමී අන්දමින් සිදුවන බවත්, මේ වනවිට අවුරඅදු 3ක් පමණ ගතවී ඇති නමුත් අවසානයක් දකින්නට නැති හෙයින් මේ පිළිබදව යම් පියවරක් ගතයුතුබවට ප්‍රශ්ණයක් වශයෙන් සභාවට ඉදිරිපත් කරන ලදී.
මීගමුවේ සංවර්ධන කටයුතු පිළිබදව අදාල සියළු බළධාරින් රැස්විය යුතු මේ මාසික හමුවට ඉදිරිපත් වු කටඋත්තර නැති ප්‍රශ්ණය බවට දැන් මෙය පත්ව තිබේ.
මේ හැදිල්ලේ තාමත් ඉවරයක් නැත.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙන්කළ රු කෝටි ගණන වැය කරමින් තින්දු ගත් බළධාරිනද අද මේ වැඩේ මහහැර ගොසින්ය.
ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මින් එක් අයෙකි.
තට්ටු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයේ ඔස්තාර් කෙනෙකු තනි කැමැත්තට කැන්දන් ආවේ ඔහුය.
තමන්ගේ ගතමනාව ගත් ඒ මහාචාර්යවරයාද දැන් අතුරුදන්ය.

ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා ඔහු දන්නවා යැයි කියමින් එකල මිගමුව  රෙහලෙ  ගැලවුම්කාර බදු අයෙකු ලෙස මහාචාර්ය ජයසිංහ නැමැත්තෙකු හදුන්වා දුන්නේ මීගමුව රෝහලට අඩුවියදම් තාවකාලික ගොඩනැගිලි මෙන්ම සත්මහල් ගොඩනැගිල්ලද මාස කිපයකින් දෙනවා යැයි කියමිනි.

එහෙම පිටින්ම වන් මැන් ෂෝ එකක් වු මෙම ව්‍යාපෘතිය විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසින් පමණක් හසුරුවන්නට විය.
සත්මහල් ගොඩනැඟිල්ල එහි ප්‍රතිසංස්කරණ වැඩ නිමවා දිමට පොරොන්දුව සිටියේ 2015 දෙසැම්බර් මස 31 වනදාය.
දැන් 2018 ජුනි මාසයයි.
ලක්කුමාරද නිහඬය.
මහාචාර්ය ජයසිංහට සිදුවුයේ කුමක්දැයි කිසිවෙකුත් නොදනි.
එහෙත් එකි මහාචාර්යවරයා සිය උපදේශන ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 300 ක් පමණ රැගෙන ඇති බව නම් දැන් ප්‍රසිද්ධ රහසකි.

මේ තත්වය ගැන විමසීමේ අටියෙන් රෝහල් අධ්‍යක්ෂක තුමා ඇමතූ නමුත් ඔහු බැහැරකට ගොස් සිටිබැවින් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගෙන් මේ ගැන විමසුවෙමු.මෙහිදී ඔහු ප්‍රකාශකළේ දැන්නම් වැඩේ හරියටම කෙරෙමින් පවතින බවයි. වැඩිවිස්තර දැනගැනීම සහා ඔහු හමුවී කතාබහ කරන්නට හැකිබවත් තවදුරටත් ඔහු පැවසීය.

අපමේ පිළිබ| විමසා සිටි හැම අවස්තාවකම අපට පිළිතුරක් ලැබින. නමුත් එම පිළිතුරුවල ගැබ්වී තිබුනේ අවිනිශ්චිත බවකි. ව
එසේම මෙහි වගකිවයුත්තා හනා ගැනීමද අවුරුදු උත්සවයන්හිදී සැÕවුනු අමුත්තා සොයන්නාසේ අසීරු කටයුත්තකි. කෙසේ නමුත් මේවනවිට හෝ ඉක්මනින් වැඩේ කෙරෙනවා යනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා පවසනවිට එය කාන්තාරයේ යන පිපාසිතයෙකුට වතුර බින්දුවක් ලැබුනා හා සමානය. ු
මේ අනුව රෝහලේ පවතින බාලගිරිදෝෂය තුරන්වී යන්නේ නම් එය සතුටට කරුනකි.